IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කසිප්පු මුට්ටි ‘‘නායෙන්’’ හතර අතේ දුවලා

උඳුගොඩ - වාර්තාකරු


කන්දක සිට පෙරළුන මුට්ටියක ශබ්දයකට බිය වී නායක් එනවා යැයි බියට පත්වී තේ දළු කැඩීම පසෙක දා දිවූ පිරිසකගේ කතා පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම පිරිස කන්දක් පාමුල තේ දළු නෙළමින් සිටියහ. කන්ද සමීපයේ කාලයක පටන් පිරිසක් නීති විරෝධී කසිප්පු ජාවාරමක නිරතව සිටිති. කසිප්පු ජාවාරම් කරුවන් කසිප්පු පෙරීම් සිදුකිරීමට භාවිත කළ විශාල මුට්ටියක් මෙම කන්ද උඩ සඟවා තබා තිබුණි.


මේ ප්‍රදේශය තරමක් නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශයක් නිසා ඒ අවට වැඩපල කරන මිනිස්සු නිතරම නායයාම් කොයි මොහොතක ඒවි යැයි සැකෙන් ජීවත් වූහ. මෙම සිදුවීම වූ දින පිරිස තේ වත්තේ දළු කැඩීමට කන්ද පාමුලට ගියහ.
මොවුන් දළු කඩන අතර තුර රිළව් රංචුවක් ද මෙම කන්ද දෙසට ගමන් කළහ. ටික මොහොතකින් කන්ද උඩ තිබු විශාල යකඩ මුට්ටියක් දුටුව රිළව් රංචුව අර මුට්ටිය තුළ කෑම සොයන්නට පටන් ගත් සැනින් විශාල මුට්ටිය කන්දෙන් පහළට පෙරළී ගියේ විශාල ශබ්දයක් නගමිණි. ඒ අසල තේ දලු‍ නෙළමින් සිටි පිරිස ඕන්න නාය එනවෝ කියමින් පණ කඩා ගෙන දිව යන්නට වූහ. ඉන් පසුව ටික මොහොතකින් සෝදිසි කර බැලීමේදී මුට්ටිය දුටු විට ඔවුන්ට කාරණා තේරුම් ගොස් තිබුණි. නාය යෑමක් කියා මුට්ටියක් පෙරළීමෙන් ඇති වූ ශබ්දයට තම පිරිස රැවටුන බවය.



අදහස් (0)

කසිප්පු මුට්ටි ‘‘නායෙන්’’ හතර අතේ දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1765 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1449 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site