කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
කසිප්පු විකිණීම සම්බන්ධයෙන් මාරුවෙන් මාරුවට සැමියා, බිරිය හා මාමා පොලිසිය වෙත රැගෙන ආ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.

ඔහු ප්‍රදේශයේ කසිප්පු ජාවාරම ජයටම සිදු කරගෙන යන්නෙකි. ගඟේ වතුර අඩු වුණත් ඔහු ළඟ කසිප්පු අඩු නොවන බව ගම්වාසීහු පවසති. ඔහු ඉතා සූක්ෂම ලෙස කසිප්පු ව්‍යාපාරය සිදු කරගෙන යන අතර අවස්ථා කිහිපයකදී අල්ලා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබේ.
පොලිසියට ගම්වාසීන්ගෙන් දිගින් දිගටම ලැබුණු දුරකතන ඇමතුම් මත දක්ෂ නිලධාරීන් කිහිප දෙනකු ඔහු අල්ලා ගැනීමට ගොස් ඇති අතර ඔහුගෙන් කසිප්පු පානය කර පැමිණි පුද්ගලයකු පළමුව අල්ලාගෙන ඔහු සමඟ ගොස් කසිප්පු සමඟ ජාවාරම්කරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ දාමා නඩුව ලියන්නටත් කලින් යළි ගම්වාසීන් පවසා ඇත්තේ නැවතත් කසිප්පු අලෙවි කෙරෙන බවය. නැවත එම නිලධාරීන් ඔහුගේ නිවසට යාමේදී ඔහුගේ බිරිය කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය රැගෙන එන අතරතුර තවත් පුද්ගලයකු කසිප්පු විකිණීම සිදු කළ නිවෙස වෙත යමින් සිටියදී එය දුටු ගම්වැසියකු ‘සර්, ඔය යන්නෙත් කසිප්පු ගන්න’ යැයි පොලිසියේ නිලධාරියාට පැවැසීය.
පොලිස් නිලධාරියා අන්දුන් කුන්දුන් වී ගියේය. ‘දැන් දෙන්නම ඇල්ලුවනේ. ඉන්නේ ඇවිදගන්න බැරි වයසක කෙනෙක්නේ’ යැයි පැවසීය. ‘පොලිසිය දැක්කම විතරයි ඔය ආබාධ. එයා තමයි මේක හොඳටම කරන්නේ’ යැයි ගම්වැසියා පොලිස් නිලධාරියාට හීන් සැරේ කීවේය.
පසුව වෙනත් තැනක සඟවා තිබූ තවත් කසිප්පු තොගයක් සමඟ මාමා ද පොලිස් අත්අඩංගුවට පත් විය.
පොලිසිය ඔහුට පවසා ඇත්තේ ‘තව ටිකකින් ඔහෙලගේ ගෙදර බල්ලත් කසිප්පු එක්ක ගේන්න වෙයිද දන්නේ නැහැ’ යනුවෙනි.
2025 නොවැම්බර් මස 04
76
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසිප්පු කෙරුමා දැක්කාම පොලිසියටත් හීන් දාඩිය දාලා