පෝද්දල සරත් ආනන්ද ගමගේ
 වෙසක් සතියේ ප්‍රදර්ශනය කළ තොරණක කවි ගායනා කළ කවියකුට එම තොරණ සංවිධාන කටයුතු කළ කාන්තාවක විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධ පුවතක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.
වෙසක් සතියේ ප්‍රදර්ශනය කළ තොරණක කවි ගායනා කළ කවියකුට එම තොරණ සංවිධාන කටයුතු කළ කාන්තාවක විසින් සිදුකළ පහරදීමක් සම්බන්ධ පුවතක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ.
පොලිස් පැමිණිල්ලට අනුව සිද්ධිය මෙසේය.
මෙම වෙසක් තොරණ ඉදිකරනු ලබන්නේ ප්‍රදේශයේ වෙළෙඳ සංගමය මගිනි. වාර්ෂිකව ඉදිකරන මෙම තොරණට ආධාර ලබා ගැනීම සඳහා මුද්‍රිත ටිකට් පත් විකුණන අතර රුපියල් 200 ටිකට් පත් හා ඊට වැඩි මුදල් සඳහා ආශිර්වාද කවියකින් ද පින්දීම සිදු කෙරේ.
තොරණේ කවි ගායනය සඳහා එක්වී සිටියේ ද ජනප්‍රිය කවියෙකි. මැදි වයසේ කෙනෙකු වූ ඔහු තොරණේ කවි කියන්නේ කොමිස් මුදලකටය. ලැබෙන මුදලෙන් 5% ක් හිමිවන්නේ කවියාටය.
පොලිස් පොතේ ලියැවී ඇති ආකාරයට කවියාට පහරදී ඇත්තේ තොරණේ සංවිධායකවරියකි. එහිදී ඇයද රුපියල් 100 ක මුදලක් දෙමින් කවියක් කියන ලෙස ඉල්ලා ඇති අතර මුදල අඩුවීම නිසා කවියා කවිය කීමට උනන්දු වී නැත. අවස්ථා කීපයක දී පැමිණ ඒ ගැන මතක් කිරීමෙන් පසුවයි කවිය කියා ඇත්තේ.
ඇය වෙනුවෙන් කවිය කියා විනාඩි කීපයකට පසුව පැමිණ ඇති මෙම කාන්තාව අත තිබූ කුඩයෙන් කවියාට පහර දී ඇත. පහරදීම නිසා ඔහුගේ උපැස් යුවළට ද හානි සිදුවී ඇත. 
අනෙක් සංවිධාකයන් මැදිහත් වී ගැටුම නිරාකරණය කර කවියා බේරාගෙන ඇත. නිශ්කාරණේ තමාට පහර දුන්නා යැයි සඳහන් කරමින් තොරණ ඉදිරිපිට වූ පොලීසිය වෙත ගොස් කවියා පැමිණිල්ලක්ද සටහන්  කර ඇත.
දෙපාර්ශ්වය කැඳවා තොරතුරු විමර්ශය කිරීමේ දී සිද්ධිය එසේ වාර්තා වූ අතර පැමිණිල්ල විභාග කළ පොලිස් සැරයන්වරයා එම කාන්තාවගෙන් පහරදීමට හේතුව විමසා ඇත. එහිදී ඇය පවසා ඇත්තේ කවියා තමා වෙනුවෙන් කී කවියෙන් ඉතා කැත කතාවක් කීම  නිසා එසේ පහරදුන් බවයි. 
කී කවිය තමාට මතක නැතැයි කවියා පැවසීම නිසා පොලීසිය ඉදිරිපිට තිබෙන තොරණේ සංවිධායකයන්ගෙන් වීඩියෝ හඬ පටයක් ලබාගෙන එය ශ්‍රවණය කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කවි පද හරහට ගිහින් කුඩ මිටෙන් ගුටිකාලා