IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කිව්.ආර් ඉවරවුණාම ටීචර්ගේ යතුරුපැදියෙන් තෙල් ඇදලා

කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
කිව්.ආර්. කේතයට ලබාගත් තෙල් රෝන්දේ ගසන්නට මදිවී තමාට උගන්වන ගුරුවරියගේ යතුරු පැදියෙන් ඇද්ද ගෝලයන් දෙදෙනකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.


නගරයේ ප්‍රසිද්ධ පාසලකි. අදට වඩා මේ පාසල නමක් ගෙන තිබුණේ එදාය. පාසලට ඒමට ප්‍රධාන ගේට්ටුවට අමතරව තවත් ගේට්ටුවක් තිබුණේය. ඒ විදුහල පිටිපසිනි. ඒ පැත්ත නිතර පාසල් සිසුන් හා ගුරුවරුන් ගැවසෙන පැත්තක් නොවන නිසා පාළු බවක් ඉසිලීය.


ඇතැම් ගුරුවරුන් මේ පැත්තෙන් සිය යතුරු පැදි ගාල් කරනුයේ ඒ ආසන්නයේ පන්ති කාමරවලට ඉගැන්වීම් කරන නිසාය. ඒ තමන්ගේ පහසුව මෙන්ම සිය යතුරු පැදි සෙවණේ තැබීමට ඇති හැකියාව ගැන සිතාය.


මේ අතර පාසලට යාබද නිවෙසක උදේ මිදුල අමදින කාන්තාවක් විදුහල්පතිවරයාට දුරකතන ඇමතුමක් දුන්නාය. ඒ අනුව විදුහල්පතිවරයා තවත් ගුරුවරුන් පිරිසක් සමග කාන්තාව දුන් තොරතුර අනුව එම ස්ථානයට ගිය විට දුටු දෙයින් බිරාන්තව ගල් ගැසුනාහ. ඒ සිය විදුහලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් ගුරුවරියක එන යතුරු පැදියෙන් තෙල් අදිනු දැකීම නිසාය.


බඩුත් එක්ක පාසල් හොරු දෙන්නා මාට්ටුවිය. අනේ සර් කිව්.ආර්. කේතයෙන් ලබා දුන්නු තෙල් ඉවරයි. ඒකයි මේකෙන් ටිකක් ඇද්දේ යයි කියද්දී වේවැල් පාර පිට හරහා සිසුන්ට වැදුණේ ඇඟ හිරිවට්ටාගෙන යමිනි.

 



අදහස් (0)

කිව්.ආර් ඉවරවුණාම ටීචර්ගේ යතුරුපැදියෙන් තෙල් ඇදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 79 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site