IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කැවිලි පාර්සලය මාරුවී කන්තෝරු ලොක්කාට දෙලෝ රත්වෙලා

අලු‍ත් අවුරුද්දට කාර්යාලයට රැගෙන ගිය කැවිලි පාර්සලය වැරැදී ලැජ්ජාවට පත් වූ සේවකයකු පිළිබඳව සබරගමුව පළාතේ ගමකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය,
ඔහු එම කාර්යාලයේ ඉහළ නිලයක් දරන නිලධාරියෙකි. ඔහු ඉතා කාර්යබහුල පුද්ගලයකු වන අතර එහෙත් අතපසුවීම් නම් සිදුවන්නේ කලාතුරකිනි. ඔහුගේ බිරිය ද රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරන අතර ඇයත් අවිවේකී ජීවිතයක් ගත කරති. ඔහු සේවය කරන කාර්යාලයේ සෙසු සහෝදර සේවක සේවිකාවන් වෙත ඔහු ඉතා හොඳින් සලකන අතර ඔවුන්ගේ සැප දුක් සොයා බැලීම ද, එමෙන්ම ගෙදර උත්සවයක දී කැවිලි පෙවිලි කාර්යාලයේ සෙසු සේවකයන්ට රැගෙන ඒම ඔහු සිරිතක් කරගෙන සිටියේය.  අලු‍ත් අවුරුද්ද අවසන් වී රැකීරක්ෂා සඳහා පිටත්ව යාමට නියමිත දිනයේ දී ඔහු සිය බිරිය අමතා පවසා ඇත්තේ කාර්යාලයේ මිතුරන්ට රැගෙන යාමට අලු‍ත් අවුරුදු සඳහා සෑදූ කැවිලි පෙවිලි පාර්සල් කර ලබා දෙන ලෙසය.


බිරිය ද ඔහු කියූ පරිද්දෙන් කැවිලි පෙවිලි පාර්සල් කර ඇය වැඩ කරන ආයතන විසින් ලබා දුන් බෑග් එකක දමා ඔහුගේ වාහනයට දමා ඇත. දෙදෙනාම රැකියාව සඳහා යන්නේ එකම වාහනයකින් බැවින් සිය බිරිය ද රැගෙන පිටත්ව ගිය ඔහු ඇය ඇයගේ සේවා ස්ථානයෙන් බස්සවා පිටත්ව ගොස් ඇත.
 එහෙත් වැරදීමකින් ඇය රැගෙන ගොස් ඇත්තේ සිය සැමියාගේ කාර්යාලයේ සේවකයන්ට පාර්සල් කර දුන් කැවිලි පෙවිලි බෑගය ද රැගෙනය. මේ අතර සිය සේවා ස්ථානයට ගිය ඔහු බිරිය විසින් පාර්සල් කර දුන් කැවිලි පෙවිලි යයි සිතා බිරියගේ පාර්සලය රැගෙන කාර්යාල වෙත ගොස් තිබේ.
 කැවිලි පාර්සලය මිතුරන්ට ලබා දුන් ඔහු එය බෙදාගෙන කන ලෙස පවසා ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ. සිය ඉහළ නිලධාරියා ගෙනා කැවිලි පාර්සලය දිග හැර බැලු සේවකයන්ට සිනහව වළක්වා ගත නොහැකිව තිබේ.
එම පාර්සලයේ තිබී ඇත්තේ එම නිලධාරියාගේ බිරිය රාජ්‍ය නොවන සංවිධාන හරහා ලබාදෙන උපත් පාලන කොපු රැසකි. කාර්යාල සේවකයන් හා සේවිකාවන්  ඔහු අසලට ගොස් පාර්සලය පෙන්වා”‍  සිනාසෙමින් අසද්දී ඔහුට දෙවියන් සිහි වී තිබේ . සිය බිරියට දුරකතන ඇමතුමක් ගත් ඔහු කාරණය ගැන විමසද්දී ඇය සමාව අයැදිමින් පවසා ඇත්තේ එය පාර්සල් මාරුවීමෙන් සිදු වූ අත්වැරැදීමක් බවය .

 

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

කැවිලි පාර්සලය මාරුවී කන්තෝරු ලොක්කාට දෙලෝ රත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site