IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කිලෝ පහේ මල්ලට ගිනිපෙට්ටියක කොන්දේසියක්

පොල්ගස්ඕවිට එස් . වික්‍රමආරච්චි
   ඉන්දියානු සම්බා  හාල් කිලෝ පහක්, දුඹුරු සීනි කිලෝ එකක් සහ පරිප්පු ග්‍රෑම් 500 ක පැකේජයක් මේ දිනවල සහන මිල ගණන් යටතේ සතොස වෙළෙඳසල්වලින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර ඒ සම්බන්ධ අපූරු ගනුදෙනුවක් පසුගිය දිනෙක අගනුවරට ආසන්න සතොස වෙළෙඳසලකදී දක්නට ලැබිණි.


කඩිමුඩියේ එම වෙළෙඳ සලට පැමිණි පාරිභෝගිකයෙක් බඩු කිරන ස්ථානයට ගොස් ඒ වන විටත් කිරා ⁣බෑග්වල අසුරා තිබූ  සහල් කිලෝ පහක් රැගෙන මුදල් ගෙවන කවුන්ටරය අසලට පැමිණ මුදල් ගෙවීමට සූදානම් වූ⁣යේය.


එවිට මුදල් අයකැමිවරිය කීවේ ‘‘මහත්තයා, හාල් කිලෝ පහක් විතරක් බිල් කරන්න බෑ, තව මොනව හරි ගන්න වෙනව”‍ යනුවෙනි.
එවිට  මහත්තයා ගොස් දුඹුරු සීනි කිලෝවක් කිරවාගෙන පැමිණ  අයකැමිවරියට දුන්නේය. එවිට ⁣“සීනි නෙවෙයි මහත්තයා, වෙන දෙයක් ගන්න වෙනවා”‍ ය කීවාය.


යළිත් හැරී ගිය මහත්තයා “පරිප්පු ග්‍රෑම් 500ක්” කිරවාගෙන පැමිණියේය.


එවිට අයකැමිවරිය සිදුවූ අපහසුතාව පිළිබඳව මහත්තයාට සිය කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ “මෙහෙමයි සර්, මේ වර්ග තුන විතරක්  බිල් කරන්න එපා කියල තියෙන්නෙ, සර්ට අමතරව වෙන මොනව හරි ගන්න වෙනවා”‍


මහත්තයා තම මුදල් පසුම්බිය විවෘත කර බැලු‍වේය. මේවාට වැඩි යමක් ගැනීමට ප්‍රමාණවත් මුදලක් එහි නොවීය. 


පාරිභෝගිකයා පත්ව ඇති අසීරුතාව තේරුම් ගත් අයකැමිවරිය  “මොනව හරි සුළු දෙයක් ගත්තත් ඇති සර්”‍ යනුවෙන් කීවාය.
එවිට ඔහු   “එහෙනම් මට ගිනි පෙට්ටියක් දෙන්න”‍ යැයි කීවේය.


සතුටට පත් අයකැමිවරිය එම බඩු වර්ග හතරට බිල්පත ලබාදී මුදල් රැගෙන, සිදු වූ අපහසුතාව ගැන යළිත් කනගාටුව ප්‍රකාශ කොට ‘මේවා අපි දාපු කොන්දේසි නෙවෙයි සර්’ යනුවෙන් ද කීවා ලු‍.

 



අදහස් (0)

කිලෝ පහේ මල්ලට ගිනිපෙට්ටියක කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 30 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site