IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුලී නි​ෙවසේ ප්‍රේමයෙන් හිමිකාරිය අමාරුවේ

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
මාසයකට රුපියල් හයදහස බැගින් මාස හයක් සඳහා කුලියට ලබාදී තිබූ නිවසක් නැවත ලබාගැනීමේ දී නිවසේ හිමිකාරිය විසින් කුලීකරුට රුපියල් පනස් දහසක මුදලක් ගෙවා වසරක ගෙවල් කුලිය ද අහිමි කරගත්  කතාවක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


පදිංචි ඉඩමේ ඉදිකරන ලද කුඩා නිවසක් බදු පදනම මත ලබාදී අමතර ආදායමක් ලබාගන්නා කාන්තාවක් සිටින අතර ඇය හැඩිදැඩි සිරුරකින් යුක්ත වූවාය. සැමියා පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතවන අතර ඔවුනට දරුමල්ලන් කිහිපදෙනෙක්ද සිටිති. සිත්ගන්නාසුළු පෙනුමකින් යුත් කාන්තාව ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධව සිටියේ ඇයගේ මුඛරි බව නිසාය.


 දිනක් තරුණයකු පැමිණ නිවස කුලියට ඉල්ලා සිටි අතර වෙනදා රුපියල් පන්දහසට ලබාදුන් නිවසට ඇය රුපියල් හය දහසක් කීවාය. නිවස පරික්ෂා කළ තරුණයා කාන්තාව සඳහන් කළ මුදලට එකඟවී දින කිහිපයකින් පැමිණෙන බව පවසා පිටව ගියේය. කාන්තාව නිවස පිරිසිදු කොට තිබූ සුළු අඩුපාඩුද නිවැරදි කළාය.


තරුණයා එකඟවූ පරිදිම දින කිහිපයකින් නිවසේ පදිංචියට පැමිණි අතර පළමු මාසය නිමවීමට පෙර නිවසේ කුලිය ලෙස මාස හයක් සඳහා රුපියල් තිස් හය දහසක් ‍ගෙවා දැමීමට ඔහු කටයුතු කළේය. කාලය ගතව යද්දී තරුණයා සමග අනිසි ඇසුරක් පටන්ගත් කාන්තාව ඇයගේ පෞද්ගලික තොරතුරු පවා සඳහන් කළාය. 


නිවස කුලියට ලබාදී වසර එක හමාරක් ගතවී තිබූ නිසා සැමියා ගෙවල් කුලී පිළිබඳව කාන්තාවගෙන් විමසීමක් සිදුකළ අතර තරුණයාට ද ඇය ඒ බව සැලකර සිටියාය. ගෙවල් කුලී නොගෙවන්නේ නම් නිවසින් පිටව යන ලෙස තරුණයාට පැවසුවද ඔහු එයට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා කාන්තාව නීතියේ පිහිට පැතුවාය.


නිවසින් ඉවත්වීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් තරුණයා ඉල්ලා සිටීම නිසා ගැටලුව විසඳීමට මැදිහත්වූ නිලධාරීහු ද අසරණ වූහ. තරුණයා සමග පවත්වන ලද සම්බන්ධය සැමියාට හෙළිවෙතැයි බිය වූ කාන්තාව තරුණයාට රුපියල් පනස් දහසක් ලබාදුන් අතර තරුණයාද එකඟ වූ පරිදි නිවසින් පිටව ගියේය.


තරුණයා සමග සමීප සම්බන්ධතා පවත්වන කාලයේදී නිවස නීත්‍යානුකූලව තමන්ට අයිති නොමැති බව කාන්තාව තරුණයාට පවසා ඇත. එම නිසා ඔහු ගෙවල් කුලී ගෙවීම පැහැර හැරීම සිදුකළ බව තරුණයා අසල්වාසින්ට පවසා පිටව ගොස් ඇති අතර නිවස කුලියට දීම නිසා කාන්තාවට රුපියල් එක්ලක්ෂ විසි දෙදහසක පාඩුවක් සිදුව ඇති කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය.



අදහස් (0)

කුලී නි​ෙවසේ ප්‍රේමයෙන් හිමිකාරිය අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site