IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කලිසම නැතුව රැයක් පුරා ගෙයක් අස්සේ

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
මිතුරකුගේ සහායට ගිය තවත් සගයෙකුට කළිසම නොමැතිව සවස් වන තුරු ආගන්තුක නිවසකට වී සිටීමට සිදුවීමේ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


සම්මුඛ පරීක්ෂණයක් සඳහා කොළඹට යාමට තරුණයෙකුට අවශ්‍යතාව තිබුණි.


පනවා ඇති සංචරණ සීමා නිසා ඔහු ඒ සඳහා තවත් යහලුවෙකුගේ සහාය පැතීය.


නියමිත දින උදේම අදාළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන  ස්ථානයේ සිටීමට නොහැකි බැවින් ඊට පෙර දිනයේ ඔවුන් සතු යතුරුපැදියකින් දෙදෙනාම එම සීමාවේ ඊට යාබදව පිහිටි ආගන්තුක කාමරයක නතරවීමට ගොස් ඇත.


අවශ්‍යතාව ඇති තරුණයා උදේම අවදි වී අදාල කාර්යය සඳහා පිටත්ව ගොස් ඇතත් සහායට ගිය හිතවතා උදේම අවදි නොවී කම්මැළිකමටත් එක්ක ටිකක් වැඩිපුර නිදාගෙන ඇත්තේ ඔහුට සම්මුඛ පරීක්ෂණයක් නොමැති නිසාය.


යහලුවා සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය පසුව පරක්කු වී අවදි වූ ඔහු උදේ ආහාරය ගැනීමට නගරයට යාම සඳහා තමා අඳින්නට රැගෙන ගිය කළිසම සොයා තිබේ.


එම කාමරයේ කළිසමක් ඇතත් එය ඔහුගේ කළිසම නොවන බව වැටහී තිබේ.


සම්මුඛ පරීක්ෂණය සඳහා ගිය අය හා සම්බන්ධවීමට නොහැකි ලෙසට එම දුරකතනය ද විසන්ධි කර ඇත.


අදාළ කාර්යයට ගිය තරුණයා සවස් යාමයේ නවාතැනට පැමිණියේ ය.


ඔහු පෙර දින යනවිට ඇඳගෙන ගිය කළිසම හා තමාගේ සහායට පැමිණි සගයා කොළඹ සිට අඳින්නට රැගෙන ගිය කළිසම් දෙකම එක පාටය.


සහායට ගිය සගයා කොළඹ අඳින්නට රැගෙන ගිය කළිසම තමාගේ යැයි සිතා ඔහු එය තම බෑගයට දමාගෙන සගයාගේ කළිසම යැයි සිතා ගෙදරින් ඇඳගෙන ගිය කිළිටි වූ කළිසම කාමරයේ දමා බෑගයත් රැගෙන ඔහු සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති බව වැටහී තිබේ.


තබා ගොස් තිබූ කළිසම කිළිටි වුවත් නිවසේ රැඳී සිටි මිතුරා තර බාරු වූ අයෙකු නිසා එය අඳින්නට ද නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
මේ නිසා සම්මුඛ පරීක්ෂණය නිම වී තම මිතුරා එනකම් උදේ හා දවල් කෑම තියා තේ එකක්වත් නොමැතිව සහායට ගිය  සගයාට ආගන්තුක කාමරයට වී සිටින්නට සිදු වුණාලු.



අදහස් (1)

කලිසම නැතුව රැයක් පුරා ගෙයක් අස්සේ

himal Saturday, 17 July 2021 01:33 PM

මොන පටලැවිල්ලක්ද මේ ලියලා තියෙන්නේ? දෙන්නාගෙන් කෙනෙක් මහත නම් අනෙකා කෙට්‍ටු නම් කලිසම අඳිද්දි දැනෙනවනේ... කාමරේ හිටපු කෙනා සරමක්, කොට කලිසමක් වත් නැතුවද කාමරේ ඉන්නේ..?

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site