IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කලිසම උඩින් සරම මනාලයාට ඇබැද්දියක්

හැමදාමත් අඳින සරම වෙනුවට මඟු‍ල් කපුවාගේ ඉල්ලීමට මනාලිය බැලීමට යාමේ දී කලිසමක් අඳින්නට සිදුවීමෙන් තරුණයකුට මුහුණ පාන්නට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව දකුණේ කඳුකර ගම්  ප්‍රදේශයකින් අසන්නට  ලැබිණි.
එතරම් උගත්කමක් නොතිබුණ ද මවුපියන්ගෙන් උරුම වූ ගොඩමඩ ඉඩම් කඩම් වගා  දිගා කරගෙන ජීවත් වන හෙතෙම ධෛර්ය සම්පන්න තරුණයෙකි.  
කල වයස ද ඉක්මවමින් තිබෙන බැවින් මවුපියන්ගේ බලවත් ඇවිටිලි කිරීම මත විවාහයක් ගැන සිතීමට ඔහුට සිදුවිය.
මඟු‍ල් කපුවකු ගෙනා විවාහ යෝජනා කීපයක්ම අනුව පසුගිය කාලයේ මනාලියන් කීප දෙනෙකුම බැලීමට ගිය ද විවිධ අඩුපාඩු නිසා ඒවා මඟහැරී යාමෙන් දිනෙන් දින විවාහය කල් යන්නට විය.


මෙසේ දිගින් දිගටම තම පුත්‍රයාගේ විවාහය කල් යෑම පිළිබඳව ඔහුගේ මවුපියන් ගත කළේ මහත් සිත් තැවුලෙනි.
මවුපියන් මේ පිළිබඳව මඟු‍ල් කපුවාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ”‍සරම ඇඳගෙන ගිහිල්ල නම් මේ කපේදි පුංචි මහත්තයට කටයුත්තක් කරගන්න හම්බවෙන්නෙ නෑ. කොහොම හරි කලිසමක් අන්දගෙන ගියොත් නං වැඩේ ගොඩ”‍ යනුවෙනි .
මෙතෙක් කලක් පුත්‍රයාගේ විවාහය කල්යාමට හේතුව ඔහු කලිසම් නොඅඳින නිසා බැව් දැනගත් දෙමාපියෝ කෙසේ හෝ  කලිසමක් දෙකක් මස්සවාගෙන කලිසම් ඇඳීමට හුරුවන ලෙස පුත්‍රයාට බල කළහ.
කුඩා කාලයේ කොට කලිසම් ඇන්දාට පසුව කිසි දිනෙක දිග කලිසමක් ඇඳ නොමැති මොහු  මවුපියන්ගේ සහ කපුවාගේ  පෙරැත්තය මත ඊළඟ මනාලිය බැලීමට යාමේ දී නිවසේ සිට කලිසමට උඩින් සරමක් ඇඳගෙන ගොස් මනාලියගේ නිවෙස ආසන්නයේ දී සරම ගලවා දමා යාමට එකඟ විය.
පසුදින පිරිස රැගත් වාහනය මනාලියගේ නිවසේ මිදුලටම ළඟාවන තෙක් සරම ගලවා දමන ලෙස කීමට කපුවාට  අමතක වී ඇත.
මිදුලේ වාහනය නතර කරනවාත් සමඟම  කලබල වූ කපුවා ”‍ පුංචි මහත්තයෝ, සරම සරම ”‍ යැයි කෑ ගැසීය.
වහාම ක්‍රියාත්මක වූ මනමාලයා සරම උනාදමා එය සිය මවට දුන්නේය.


බහින්නට කලබලයෙන් සිටි මව ද සරම දෙකට තුනට නවා අසල තිබූ බෑගයකට එබුවාය.
මනාලියගේ නිවසේ දී සියලු‍ සංග්‍රහ සත්කාර ලබා දෙපාර්ශවයේ අදහස් ද හුවමාරු කරගෙන පිරිස සතුටින් නික්ම ගිය පසු මනාලියගේ මවට කැවිලි බෑගයේ තිබී සරමක් හමුවීමෙන් නිවැසි සියල්ලෝ  ඒ ගැන විවිධ අදහස් පළ කරන්නට වූහ.
කෙසේ වෙතත්  දින කීපයකට පසුව මනාලියගේ පාර්ශවය කටයුත්තට කැමති බව දන්වා කපුවා මගින් පණිවුඩයක් එවා තිබුණාලු.

 



අදහස් (0)

කලිසම උඩින් සරම මනාලයාට ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site