IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොල්ලො කෙල්ලො අස්සේ ජෝගි නටන්න ගිය ‘ලොක්කී’ අණ්ඩ කඩාගෙන

අනධ්‍යයන සේවකයකුගේ විවාහ මංගල උත්සවයට ගොස්  උසස් පෙළ පන්තියේ ළමයින් සමග නර්තනයක යෙදෙන විට ඇද වැටී කකුල තුවාල කරගත් නියෝජ්‍ය ආයතන ප්‍රධානී නිලධාරිනියක පිළිබඳ පුවතක් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ රමණීය ප්‍රදේශයක පිහිටි පාසලක සේවය කරන  අනධ්‍යයන සේවකයකු සිය විවාහ මංගල උත්සවයට පාසලේ ප්‍රධානීන්ට සහ අධ්‍යයන අනධ්‍යයන සියලුම දෙනාට ආරාධනා කළේය.

තරුණ වයසේ පසුවන සේවකයා පාසලේ උසස් පෙළ පන්තියේ සියලුම දෙනාගේ කලන මිතුරකු වූ නිසා ඔවුන් කිහිප දෙනෙකුට ද මගුල් ගෙදරට ආරාධනා කළේය. මගුල් උත්සවය සිය නිවසේම යොදාගත්තේ සියලුම පහසුකම් එහි ඇති බැවිනි. මනාළ යුවළ දහවල් වෙද්දී නිවසට පැමිණි අතර ආරාධිත අමුත්තන්ගෙන් නිවස පිරී ඉතිරී යන්නට විය.

නිවස පිටුපස කොටස මධ්‍යසාර පානය සඳහා වෙන්කර තිබූ අතර ටික වේලාවක් ගතවන විට ඩී.ජේ. සංගීත නාදයට අනුව නර්තනයද ආරම්භ විය. පදම වැඩි වූ බොහෝ පිරිසක් නටමින් සිටි අතර ඔවුන් සමග තරුණියෝ සහ කාන්තාවෝද වූහ.

සංගීත නාදය වේගවත් වූ අතර ළමයිද නටන පිරිස සමග එක්වූහ. තරුණ බව පෙන්වීමට නිතරම උත්සාහ දරණ මෙම නිලධාරිනියද නටන පිරිස අතරට පැමිණ නටන්නට වූ අතර සෙසු නිලධාරීහු වටපිට බලමින් එම ස්ථානයෙන් ඉවත්වූහ.

පාසලේ ළමයින්ගේ අත් අල්ලා ගනිමින් නටමින් සිටි ඇය හිටි හැටියේම පය පැටලී ඇද වැටුනාය. නටමින් සිටි පිරිස ඇය පුටුවක වාඩිකර නැවත නටන්නට පටන් ගත්හ. සිය කාර්ය මණ්ඩලය පිළිබඳව ඇය විපරම් කරන විට සියල්ලෝම පිටව ගොස් තිබුණි. මනමාලයා විසින් සපයා දෙන ලද ත්‍රිරෝද රථයේ නැගී ඇය නිවසට ගියාය.

සිද්ධිය පිළිබඳ කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් සහෝදර සේවකයින්ගෙන් ඇයට එල්ල වූයේ දැඩි දෝෂ දර්ශනයකි.

විභාගයක් ඇති බව කියා ඇය දින කිහිපයක් නිවාඩු ලබාගෙන ප්‍රතිකාර ගත්තද කකුලේ අමාරුව හේතුවෙන් වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලබා ගෙන ගියද එම ප්‍රදේශයටද කතාව ආරංචි වීමට වැඩි කාලයක් ගත නොවීය.

 



අදහස් (0)

කොල්ලො කෙල්ලො අස්සේ ජෝගි නටන්න ගිය ‘ලොක්කී’ අණ්ඩ කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site