කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
පෙම්වතියගේ උපන් දිනයට කුඹුරු යායක් මැදින් කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි තරුණයකුට පෙම්වතියගේ පියා පැමිණෙන අයුරු දැක ආපසු දිව යන අවස්ථාවේ දී තරුණයා කේක් ගෙඩිය සමග කුඹුරකට වැටී ඇති පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 24 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයා පදිංචිව සිටින ගම්මානයට කුඹුරු යායක් මැදින් යා යුතුය. ඇඟලුම් ආයතනයක කලක සිට සේවය කරන තරුණයා අල්ලපු ගමේ පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවක් මෑතකදී පටන් ගෙන තිබේ. ඇය කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින සුරූපී පාසල් සිසුවියකි.
වැඩි කාලයක් යන්නට පෙර දෙදෙනාගේ සම්බන්ධතාවය පාසල් සිසුවියගේ මවුපියන්ට ආරංචි වී ඒ සම්බන්ධයෙන් පාසල් සිසුවියගෙන් මවුපියන් විමසීමක් ද කර ඇත. එහිදී මවුපියන් නැගු චෝදනාව පාසල් සිසුවිය තරයේ ප්‍රතික්ෂේප කර කළාය.
අවස්ථා කිහිපයක දීම මගතොට දී තරුණයා මුණ ගැසී ඇති පාසල් සිසුවියගේ පියා එහිදී කියා ඇත්තේ වහාම සම්බන්ධතාවයක් තියෙනවා නම් නතර කරන ලෙසත්ය. එහිදී ද තරුණයා පාසල් සිසුවියගේ පියා නැගු චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. ඉකුත් දිනක පාසල් සිසුවියගේ උපන් දිනය යෙදී තිබිණි. පාසල් මිතුරියන් සමග කෑමට කේක් ගෙඩියක් දීමට තරුණයා තීරණය කළේය. උදේ පාසල් යන වේලාවේ ඇයට දීමට තරුණයා කේක් ගෙඩියක් පෙර දින රැකියාවට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ දී කෑගල්ල නගරයෙන් ගෙනාවේය. පසු දා පාන්දර නැගිට ඇති තරුණයා ලක ලෑස්ති වී එළිය වැටී ගෙන එන අවස්ථාවේ දී පාසල් යන පෙම්වතියට දීමට කේක් ගෙඩියක් රැගෙන මගට ගියේය. පාසල් සිසුවිය සුදු ඇඳුමින් සැරසී කුඹුරු යාය මැදින් පාසල් එන අයුරු දැක ඇති තරුණයා ද ඉදිරියට ගොස් කේක් ගෙඩිය අත තබාගෙන සුබපතන අවස්ථාවේ දී පාසල් සිසුවියගේ පියා ඈතින් දුවගෙන පැමිණ තරුණයා දැක තිබේ. පසුව තරුණයා කේක් ගෙඩියත් රැගෙන ආපසු නියර දිගේ දිව යන අවස්ථාවේ දී කුඹුරට වැටී ඇත. පසුව තරුණයා කේක් ගෙඩිය කුඹුරේ දමා දිව ගොස් ඇති අතර පාසල් සිසුවිය ද හැඬූ කඳුළින් පාසල් ගොස් ඇති බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෙල්ලගේ පියා දැක කේක් ගෙඩියත් දමා දුවලා