IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කෙල්ලෙක් අතවනලා කොල්ලෙක් ලණුවක් කාලා

මාවරල පී.එස්. මද්දුමගේ

හස්ත සංඥාවක් නිසා තරුණයකුට වූ හදියක් මාතර දිස්ත්‍රික්කයේ ආදලුව ගමෙන් අසන්නට ලැබේ. 

උපකාරක පන්ති යාමට  මහ පාරට පැමිණ සිටි තරමක ලස්සන නව යෞවනියක වූ ඇය නිවෙසින් පැමිණෙන විට  කුඩය ගෙන ඒමට අමතක වීමෙන් දැඩි හිරු රශ්මිය නිසා  පීඩාවට පත්ව සිටියාය. පන්තියේ දී බීමට ගෙනා වතුර බෝතලයෙන් ද මුහුණ සොදා ගත් ඇය බස් රථය පැමිණෙන තෙක් වසා දමා තිබූ කඩ පිලක රැඳී සිටියාය. 

කඩය පිහිටියේ ප්‍රධාන පාරේ වැලමිටි වංගුවක පහළ කොටසේය. පාරේ ඉහළ කොටසේ  නිවාස සහ කඩ කීපයක් ද  තිබූ අතර එම ස්ථානයේ ගමේ  තරුණයන් පිරිසක් ද  රැඳී සිටියහ.

ලේන්සුවක්ද ළඟ නොතිබූ නිසා ඇය තම අත්ල දෙපසට වනමින්  මුහුණට පවන් සලමින් කාලය ගත කළේ වට පිටද බලමිනි. ඒ බස් රථය කොයි මොහොතක හෝ පැමිණෙනු ඇතැයි විශ්වාසයෙනි. 

කාලය ගෙවී ගිය ද බස් රථය නොආවේය.  ඇය දැඩි ලෙස අව්රශ්මියෙන් පීඩාවට පත් වූයෙන්  දහඩියෙන් මුහුණ පෙ​ෙඟන්නට විය.

මේ අතරතුර  පාරේ ඉහළ කොටසේ කඩයක සිටි තරුණයෙක් ඇය  අසලට ඉතා ඉක්මන් ගමනින් පැමිණියේය.

“නංගි ඇයි කතා කළේ? විමසුවේ මුවගට දිගු සිනහවක් නගමිනි.

මෙයින් ඇය පුදුමයට පත් වූවාය. මම කාටවත් කතා කළේ නැහැ. පන්ති යන්න බස් එක එනකම් තමයි ඉන්නෙ. අද වෙලාවට එන බස් එක නෑ.

“නංගි ලජ්ජ වෙන්න ඕන නෑ. ඔයා අත වන වන මට කතා කළා නේ.’’

“ඔයාට පිස්සු. මම රස්නෙ හින්දා මුහුණට පවන් සලා ගත්ත මිසක් කාටවත්  අත වැනුවෙ නෑ කතා කළේත්  නෑ. මට කවුරුත් ඕනෑ නෑ..’’ ඇය කියාගෙන කියාගෙන ගියේ තරමක් තරහෙනි.

තරුණයාට සිදු වීම වැටහී ගියේ ඉන් පසුවය. නංගී සමාවෙන්න මට වැරැදීමක් වුණා. කියා රතු වූ මුහුණින් යුතුව තරුණයා ආපසු කඩය දෙසට ගියේය. 

කඩ පිලේ සිටි තරුණයන් කීප දෙනකු එම තරුණයාට උසුළු විසිළු කරන ආකාරය ඇය සිනා මුසු මුහුණින් යුතුව අසා සිටියේ අව් රශ්මිය ගැන ද අමතක කරමිනි.



අදහස් (0)

කෙල්ලෙක් අතවනලා කොල්ලෙක් ලණුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site