IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොල්ලකුගේ ලණුවක් කා වෙදැදුරා දවස් 14ක්ම කාමරයේ හිරවෙලා

(රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල)
ගමක තරුණයකු තමන් සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙසින් හඳුන්වා දී දේශීය වෛද්‍යවරයකු දින 14 ක් නිරෝධායනයට ලක් කළ පුවතක් රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි.


මෙම අපහසුතාවට පත්වූයේ පාරම්පරිකව කැඩුම් බිඳුම් පිළිබඳ ප්‍රසිද්ධියක් ලැබූ දේශීය වෛද්‍යවරයෙකි. සිය වෙදකම වැඩි වශයෙන්ම නොමිලයේ කරනු ලබන්නේ තම වෙදදුරු මවුපියන්ට පුණ්‍යානුමෝදනය කිරීම වෙනුවෙනි.


එම වෛද්‍යවරයා පවසන අන්දමට සිද්ධිය මෙසේය. රිකිල්ලගස්කඩ මහජන සෞඛ්‍ය කාර්යාලයේ කිසිවකු දුරකතනයෙන් ඔහු අමතා තමා පී.එච්.අයි. වරයකු බවත් දින 14 ක් යනතුරු වෙදකම වහාම නවත්වා නිවෙසින් බැහැරව නොයන ලෙස උපදෙස් දී ඇත. හදිසි පරීක්ෂාවන් සඳහා කුමන මොහොතක හෝ පැමිණෙන බවත් එවන් විටක නිවසේ රැඳී නොසිටියොත් දැඩි දඩුවම් ලබා දෙන බවද දන්වා ඇත්තේ ආසන්නම ගමක හමුදා නිලධාරියකු කොරෝනා ආසාධිතයකු බවට හෙළිවූ හෙයින් මෙම නියෝගය පනවන බවද පවසමිනි.


ඒ අනුව නිවෙසින් එළිපහළියට නොගොස් වෙදකම ද නවතා නිරෝධායනයට පත්ව සිටියේ කුමන මොහොතක හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා එතැයි විශ්වාස කරමිනි.


අඩුම තරමින් නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ මිලදී ගැන්මට වෙළෙඳපළකට හෝ නොගියේය ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ද නොකොර පිටත්කර හරිමින් නිවස ඉදිරිපිට දැන්වීම් පුවරුවක් මගින් ජනතාවට මේ බව දැනගන්නට සලස්වා කටයුතු කළේය.


දින 14 ගෙවුණු පසුව තම ගම්මානයට සෞඛ්‍ය පරීක්ෂක මහතා පැමිණි බවට සැලවූ ආරංචිය මත ඔහු හමුවී මේ ගැන ප්‍රකාශකරත්ම තමා එවන් නියෝගයක් ලබා නොදුන් බව කියා සිටියේය. ලබාදී ඇති දුරකතන අංකය ඔහුගේ නොවන බවටත් වෛද්‍යවරයාට දැන ගන්නට ලැබුණි.


කෙසේ වුව මෙම දුරකතන ඇමැතුම ලබා දී ඇත්තේ ප්‍රතිකාර ලබාගෙන සුවවූ තරුණයකු බවට සැක කරන හෙයින් මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව එම වෛද්‍යවරයා පවසා සිටියේ දැන් එම දුරකතන අංකයට ඇමතුමක් ලබාගත නොහැකි බවද කියමිනි.

 



අදහස් (0)

කොල්ලකුගේ ලණුවක් කා වෙදැදුරා දවස් 14ක්ම කාමරයේ හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site