(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
උසස් අධ්‍යාපනය ලබන පෙම්වතුන් යුවළක් කුලියට යොදාගත් මවක සමඟ පැමිණ සහෝදරයන් ලෙස පෙනී සිටිමින් නවාතැනක කාමරයක් කුලියට ගැනීමේ සිද්ධියක් කොළඹින් දකුණේ පිහිටි නගරයකින් වාර්තා විය. ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා සේවාවන් සලසන නවාතැන්පළකි. මව පුතා සහ දියණිය සමඟ එහි පැමිණියෝය.
නවාතැනේ හිමිකාරිය හමු වූ මව පැවැසුවේ තම දරුවන් වන අක්කාත් මල්ලීත් ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත්වීමට සුදුසුකම් ලබා ඇති බවයි. ඔවුන්ට නේවාසික පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලුවේ දාරක ප්‍රේමය ඉස්මතු කරමිනි. එක කාමරයක් ලැබුණත් සෑහීමකට පත්වන බව අම්මා පැවැසුවාය. ඒ වනවිට එක් කාමරයක යුවතියක නේවාසිකව සිටි බැවින් අක්කාට එම යුවතිය සමඟ සිටීමටත් තරුණ මල්ලීට වෙනම කාමරයකුත් ලබාදීමට නවාතැනේ හිමිකාරිය පියවර ගත්තේ මවගේ ඉල්ලීම ඉහත දැමිය නොහැකි බැවිනි. සතියක් දෙකක් ගත විය.
කාමරයේ සිටි යුවතියට මේ අක්කාගේත් මල්ලීගේත් වෙනසක් දක්නට ලැබිණි. ඔවුන්ගේ හැසිරීම සොහොයුරු පෙමකට වඩා ආදරවන්තයන්ගේ හැසිරීමකට සමාන බව ඇයට හැඟී ගියාය. ඇය තවදුරටත් ඔවුන් පරීක්‍ෂාවට ලක් කරන්නට කල්පනා කළාය. අන්තිමේ ඇය ජය ගත්තාය. අක්කාගේ වාසගම නම ලිපිනය එකක්ය. මල්ලීගේ වාසගම නම ලිපිනය වෙනත් එකක් බව ඇයට සොයා ගන්න ලැබිණි.
තවදුරටත් සොයා බලද්දී මල්ලී ලෙස හැඳින්වුවත් තරුණයා අක්කාට වඩා වැඩිමහල් බව ද මේ දෙන්නාගේ නිවෙස්වල කිසිවෙක් මේ සිදුවීම ගැන නොදන්නා බව ද නවාතැන සොයා ගැනීමට පැමිණි මව නගරයෙන් සොයා ගත් කුලී මවක බව ද අනාවරණය වූයේය. ඇය මේ බව නවාතැනේ හිමිකාරියට දන්වුවත් ඇයට දෙදෙනකුගේ නේවාසික ගාස්තුව වටිනා බව පැවැසීමෙන් පසු තරුණිය වෙනත් නවාතැනක් සොයා ගියේ තමන්ගේ ආරක්‍ෂාව සලසා ගත යුතු නිසාය.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුලියට මවකුත් අරන් පෙම් යුවළක්
රුවන් Tuesday, 26 June 2018 05:43 AM
අපේ ළමයින්ට අවුරුදු තිහ හතලිහ පැන්නත් අම්ම එන්න ඕනි හැම දේම කරලා දෙන්න. මොන එහෙකට මෙහෙම අධීන ළමයි හදනවද මන්දා.?
himal Tuesday, 26 June 2018 07:25 AM
දෙන්නාම වැඩිහිටියන් නම් දෙන්නගෙම කැමැත්තෙන් නම් ඉන්නේ ගෙවල් වලට කරන්න දෙයක් නෑ. අද කාලේ උසස් අධ්‍යාපනය ලබන ගොඩක් දෙනෙකුගේ විවාහ ප්‍රමාද වෙන එකේ මෙවැනි දේ සිදුවෙන එක පුදුමයක් නොවෙයි.
sena Tuesday, 26 June 2018 01:27 PM
ගානක් නැහැ ඉස්කෝලේ යන ළමයි නොවෙයිනේ...