කෑගල්ල දිස්ත්‍රික්කයේ කුලියට පොල් කඩන පුද්ගලයෙකුට වූ අකරතැබ්බයකි මේ. ගම් ප්‍රදේශය තුළ කුලියට පොල් කඩන්නන්ගේ හිඟයක් පවතී. ඒ නිසාම ඔවුන්ට වැඩි ඉල්ලුමක් හා සැලකීමක් දැක්වීමට සමහරු පෙළඹෙති. එම සැලකිලි නිසාම මේ පුද්ගලයා ගෙන් ගෙට ගොස් පොල් කඩන්න ඇති දැයි නිතර විමසා සමහර විට තේ කෝප්පයක් ද බී ආපසු යයි.
අවුරුදු 55ක් පමණ වයසැති මේ පුද්ගලයා දිනක් එක්තරා නිවෙසකට ගොඩවැදී පොල් කඩන්නට ඇත්දැයි විමසීය. ඒ අවස්ථාවේ නිවසේ රැදී සිටියේ නිවසේ පදිංචි සුරූපී විවාහක තරුණියකි. පොල් කඩන්නා “ මැණිකේ, කෝ ලොකු මැණිකේ” යනුවෙන් කාන්තාවගෙන් නැන්දනිය ගැන විමසීය. එහිදී ඇය “අම්මා බේත් ගේන්න ගියා” යනුවෙන් පිළිතුරු දුන්නාය. දරුවන් ගැන ද විමසීය. ඔවුන් ද පංති ගිය බව පැවසූ අතර පොල් කඩන්නා “ෂා අද නියම දවසක්නෙ” යයි එකපාරටම කිව්වේය. “ඇයි එහෙම කියන්නේ” කාන්තාව විමසුවේය. එවිට අයුතු ඉල්ලීමක් කරමින් කාන්තාවගේ අත ස්පර්ශ කළ අතර යක්ෂාවේශ වූ කාන්තාව ගෙට දිව ගොස් කොස්ස රැගෙන ආවාය.
එවිට දිව යමින් සිටි පොල් කඩන්නාට කොස්සෙන් පහර කිහිපයක් දී රැකියාවට ගොස් සිටි ඇගේ සැමියාට ද දුරකතනයෙන් මේ බව දැන්වීය. පසුව සැමියා සමඟ පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් කර තිබෙන අතර සැකකරු පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ යටියන්තොට පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේය.
(යටියන්තොට - සමන් එස්. රත්නායක)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුලියට පොල් කඩන්න ගිහින් කතකගෙන් කොසුපාර කාලා
ජනිත Friday, 30 December 2016 06:41 AM
පොල් කඩන්න ගිහින් මදැයි කරගත්ත වින්නැහියක්. මේක නම් අභූත කතාවක්. පොල් කඩන්න ආපු එක මොකටද ගේ ඇතුලට වැද්ද ගත්තේ. පොල්ගස් තියෙන්නේ වත්තේ මිසක් ගේ ඇතුලේ නොවෙයිනේ. (බ)
නිහාල් Monday, 02 January 2017 10:28 AM
කාට කාටත් මේවා හොඳ පාඩම් (නි)