IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කලට ඔබින වෙළෙඳාමකට ගිහින් මදි නොකියන්න කුකුල්ලු කොටලා

‘‘කල දුටුකල වළ ඉහගැනීමට ගොස්”‍ කුකුල් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් කටුගස්තොට නගරාසන්න ගම්මානයකින් වාර්තා වේ.


වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ දිනෙන් දින ඉහළ යන ආහාර මිල නිසා ඉක්මනින් මුදලක් සොයාගැනීමට සිතූ අදාළ පුද්ගලයා ඒ සඳහා තම ඉලක්කය ලෙස තෝරාගෙන ඇත්තේ මේ දිනවල කිලෝව රුපියල් 1250 ක් පමණ වන කුකුල් මස් ව්‍යාපාරයට අත ගැසීමය.


 ඒ පිළිබඳව දිවා රෑ කල්පනා කළ ඔහු ඊට පිවිසිය හැකි සරලම ක්‍රමය ලෙස තම නිවසට ආසන්න නිවසක ඇතිකරන කුකුල් ගොවිපළක කුකුලන් සොරාගෙන මස්කර අලෙවි කිරීමත් තම සැලසුම් අතර විය.


 කල්යල් බැලූ ඔහු නිවැසියන් නොමැති දිවා කාලයක කුකුල්  ගොවිපළට රිංගුවේ  කුකුලන් හත් අට දෙනෙකු දමාගෙන යා හැකි ගෝනියක්ද අතැතිවය.


 සියල්ල සැලසුම් කළ පරිදි කුකුලන් දෙතුන් දෙනෙකු රිසිසේ තම ගෝනියට දමා ගන්නවාත් සමඟ උරණවූ තවත් කුකුලන් කිහිප දෙනෙකු අනපේක්ෂිතව ඔහුට දැඩිසේ කොටමින් ප්‍රහාරයක් එල්ලකළේ තමන්ට උන්හිටි තැනද අමතක කරමිනි.


 සිද්ධියෙන් වේදනාවට හා බියට පත් පුද්ගලයාගේ කෑ ගැසීමත් සමඟ ක්ෂණිකව රැස්වූ අවට ප්‍රදේශවාසීන් වදෙන් පොරෙන් ඔහු කුකුල් කොටුවෙන් එළියට ගෙන කිසිදු හිරිහැරයක් නොකොට  නැවත නිරුපද්‍රිතව යෑමට සලස්වා ඇත්තේ ඒ වනවිටත් ඔහුට අවශ්‍ය දඬුවම් අදාළ කුකුල් කොටුව තුළදීම කුකුලන් විසින්ම ලබාදී තිබූ නිසාවෙන් බව වැඩිදුරටත් වාර්තා විය.

කටුගස්තොට ධම්මික ගුණවර්ධන



අදහස් (0)

කලට ඔබින වෙළෙඳාමකට ගිහින් මදි නොකියන්න කුකුල්ලු කොටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17953 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site