IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කීරි නාඩු වී හොරේ අහුවෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම 



අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ.
එය නගර සීමාවේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ වෙළඳසලකි. උදේ සිට ගනුදෙනුකරුවන් ගෙන් පිරී පවතින නිසා කුලියට ගත් සේවක සේවිකාවන් පවා යොදාගෙන වෙළදාම් කරන ස්ථානයකි.
අවුරුදු නිමිත්තෙන් වෙනදාට වඩා සෙනග ගැවසෙමින් සිටිති.
වී, ධාන්‍ය, පොල්කටු අඟු‍රු, පොල්, පොල් ඉරටු මේවා සියල්ල ඒවාට වෙන් කර ඇති ස්ථානවල සිට මිලදී ගැනීම් සිදුකරනු ලබයි. එවැනි තදබදයක් පවතින අතරේ ප්‍රධාන මාවතට යාබද වෙළඳසලේ වී කාමරය අසල ත්‍රිරෝද රථයක් නතර කෙරුණි. රියැදුරු ඉන් බැස ටික වේලාවකට පසුව තදබදය අතරින් කැෂියර් මේසය වෙතට ගොස් මුදලාලිට කතා කළේය.
“වී මිටි දෙකක් ගෙනාවා. සල්ලි ඕනෑ.” රියැදුරු කීවේ ය.
“කොයි වී.” මුදලාලි‘ ඇසුවේ ය.
“ඒවා වී කාමරයේ. බිම් තරාදියටත් දාලා තමයි ආවේ.”
‘මට යන්න හදිස්සියි. ඔයාලට තියෙන්නේ කිරන්න විතරයි’ රියැදුරු මුදලාලිට විස්තරේ කීවේ ය. කඩේ සේවයට සිටින ඥාති සේවකයකුට එය කිරා බලා විස්තර කියන ලෙසට උපදෙස් දුන්නේ ය. 
“මොනවද‘ වී?” “ඒවා නාඩු.” ගෝලයා හා රියැදුරු සංවාදය වෙන අතරේ බර කිරා බැලු‍වේ ය. ඉන් අනතුරුව වී පරීක්ෂා කිරීම සඳහා වී උරයට හානි නොවන සේ සිදුරු කරන උපකරණය යොදා වී ටිකක් එළියට ගෙන බැලු‍වේය.


“ඒවා නාඩු නෙමෙයි.” ඒ කිරපු වී කීරි සම්බා වී බවට ගෝලයාට වැටහුණේ ය.
මුදලාලි එතැනට කැඳවුවේය. ඊට මොහොතකට පෙර කීරි සම්බා මිල දී ගත්තේ ය. ඒවා එතැන බිත්තිය අසල ගොඩ ගසා තිබුණේ අයිතිකරු ඒ හිස් වූ උර රැගෙන යාමට එන බව පැවසීම නිසා ය.
ඒ නිමේෂයේ අනුන්ගේ වී උර තමන්ගේ බව කීමට ගොස් කීරි සම්බාවලට නාඩු කීමට යාමෙන් මෙහි ජාවාරම අතට මාට්ටු කර ගැනීමට මුදලාලිට හැකි වුණි.
අවසානයේ රැස්ව සිටි සෙනඟ අතරේ වී ගෙනා බවට නවතා තබන ලද තමාගේ ත්‍රිරෝද රථයට නැගී පස්ස නොබලා ඔහු එතැනින් නික්ම ගියේ පොලීසියේ කම්බි කූරු ගණන් කරන්නට තිබූ අවස්ථාවක් මුදලාලිගේ කරුණාව නිසා ගිලිහි ගිය බව පවසමින් ලු‍.



අදහස් (0)

කීරි නාඩු වී හොරේ අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site