(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
හලාවත පොදු වෙළඳ පොළේ ප්‍රධාන පෙළේ කරවල වෙළඳ සලක මුදලාලිගේ මුදල් පසුම්බියෙන් අතුරුදන්වූ රුපියල් ලක්ෂය එම මුදලාලිට සහයට සිටි ගෝලයෙකුගේ කලවා ප්‍රදේශයෙන් මතුවූ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
කරවල ව්‍යාපාරිකයාද හලාවත ප්‍රදේශයේම පදිංචි අයෙකි. පෙරේදා (14) සුපුරුදු පරිදි උදෙන්ම කරවල වෙළඳ සල විවෘත කොට සිය වෙළඳාමින් උපයා ගත් රුපියල් ලක්ෂයක මුදලක්, මුදල් තබා තිබූ ලාච්චුවෙන් රැගෙන සිය මුදල් පසුම්බියේ දමා සුරක්ෂිතව වෙළඳ සල තුළම තබා ගත්තේය.
කාලයක සිට මෙම කරවල වෙළඳ සලේ කරවල අලවි කටයුතු සඳහා උදව්වට කුලී පදනම මත ගෝලයෙකුද සේවය කර ඇත. හදිසියේ කරවල ව්‍යාපාරිකයාට ඇතිවූ මුදල් අවශ්‍යතාවක් සඳහා මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් ලක්ෂය අතුරුදන්ව ඇති බව හැඟී ගියේය. මේ පිළිබඳව ගෝලයාගෙන් සහ අවට වෙළඳ සල්වලින් කළ විමසීම්වලදී ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් පොලිසියේ පිහිට පැතීමට ව්‍යාපාරිකයා තීරණය කළේය.
හලාවත පොලිසිය කරවල වෙළඳ සලට පැමිණ සිදුකළ විමර්ශනයකදී ගෝලයා ඇඳසිටි කලිසම පරීක්ෂා කිරීමේදී කලිසමට යටින් කලව ප්‍රදේශයේ මුදල් මිටිය රබර් වලල්ලකින් බැඳ සඟවාගෙන සිටියදී සොයා ගතහැකි විය.
සොරකම සිදුකළ ගෝලයා පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී ඔහු මෑතක සිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවද අනාවරණය කරගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කරවල මුදලාලිගේ නැතිවූ ලක්ෂය ගෝලයාගේ කලවයෙන් මතුවෙයි