IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා

සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ  එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
එම මුදලාලී වෙත විශාල වී ගබඩාවක් තිබේ. ඔහු ගමේ ගොවීන්ගෙන් වී ලබාගෙන ඔහුට අයත් මෝල් වලින් වී කොටා සහල් බවට පත්කර අලෙවි කරයි. මහා පරිමාණයෙන් වී කොටන බැවින් ඔහු ධනවත් ව්‍යාපාරිකයකි. ඔහුට දරුවන් නොමැති අතර ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවකි.
ඇය උපන් ගෙයි ධනවත් අතර ඇයගේ මුදලින් ඔහු මෙම වී ව්‍යාපාර කර දැන් ධනවත් පුද්ගලයකු වන ඔහු වයස් අවුරුදු හැටකට ආසන්නය. බිරිඳගේ වයස් පරතරය නිසාම ඔහු එම ගමේ ඇහැට කනට පේන විවාහක අවිවාහක කාන්තාවන් වෙත ඇල්ම බැල්ම දායි. එම නිසාම ඔහු නොමැති තැන බොහෝ පිරිස් ඔහු නැති තැන ‘‘නාකි මනමාලයා”‍ ලෙස ඔහු හඳුන්වයි.
ඔහු සිය වී ගබඩාවට එන දුප්පත් විවාහක අඩු වයස් කාන්තාවක සමග දිගටම අනියම් ඇසුරක් පවත්වා ඇත. ඇය විවාහ වී සිටින සැමියා මේලෝ වැඩක් නොකරන ඇය හම්බ කරන සොච්චම් මුදලින් යැපෙන කතාවට කියන මිනිහෙකි.


මෙලෙස වී මුදලාලී ඇය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන අතර ඇයට එක් දිනක් වී ගබඩාවේ වැඩට ඒමට නොහැකි වී ඇත්තේ අධික උණ ගතිය නිසාවෙනි. එදින ඇය සිය සැමියා වී ගබඩාවේ වැඩට යවා ඇත්තේ ඇයගේ වැඩ කොටස ඉටු කිරීමටය.එදින ඔහු පැමිණි වැඩ කොටස් වෙත වී ගෝනී අත පත ගාමින් සිට තිබේ. එදින විදුලිය විසන්ධි වී ඇති හෙයින් වී ගබඩාව තිබී ඇත්තේ අඳුරේය. මුදලාලිද කල් යල් බලා හිමිහිට ගබඩාවට රිංගා ඇත්තේ සුපුරුදු පරිදි ඇය හමු වීමටය. කළුවරේ නිසා ඇය තරමක් බය කිරීමට සිතූ මුදලාලී පැමිණ සිටින්නේ ඇයගේ සැමියා බව නොදැන වහා පැන ඔහුව බදාගෙන ඇත්තේ ඇය බව සිතමිනි.
එහෙත් ඇයගෙන් හමන පියරු සුවඳ වෙනුවට තද බීඩී ගඳක්ද දැනි ඔහුට දෙවියන් සිහිව ඇත්තේ ඒ සිටින්නේ ගැහැනියක නොව පිරිමියකු බව ඔහුට අසු වුණ දෑ සමග සනාථ කරමිනි.
මුදලාලිගේ අත් ලිහිල් වෙද්දී ඔහු පණ කඩාගෙන වී මෝලෙන් දුව ගොස් ඇත්තේ මුදලාලී තමන්ට අතවර කිරීමට සැරසුණු බව සිතමිනි. ඔහු මෙම සිද්ධිය කඩ මණ්ඩිය පුරා කියමින් ගොස් ඇති අතර බොහෝ පිරිස් තතු නොදැන කියා ඇත්තේ වී මුදලාලිගෙන් බේරිය යුත්තේ ගැහැනු නොව පිරිමි බවය. තත්වය ආරංචි වූ මුදලාලී සිය බිරිඳගේ මුහුණවත් නොබලා මාස කිහිපයකට ගමෙන් පිටව ගොස් තිබේ.

 

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 



අදහස් (0)

කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site