IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුරුල්ලො විදිහට තුරුලූ වෙන්න ගිහින් පෙම්වතාට කුඩපහරක්

මගී ප‍්‍රවාහන බස් රථවල පසුපස ආසනයේ දෙපස මුළුවලට පෙම්වතුන්ගෙන් ඇත්තේ හොඳ ඉල්ලූමකි. රත්නපුර තෙක් ගමන් කිරීමට සූදානමින් පානදුර බස් නැවතුමේ නවතා තිබූ එම පෞද්ගලික බසයේ පසුපස ආසනයේ එක් කොනක සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසුණු පෙම් යුවළකි. අවට ලෝකය ගැන වගේ වගක් නොමැතිව තමන්ගේම ලොවක තනිවූ ඔවුන්ට කිසිදු ලැජ්ජාවක් ඇති බවක් නම් නොපෙනුණේය. සුරතල් පෙම් වදන් දෙදෙනා අතර හුවමාරු වෙද්දී, ඒවා අනික් මගීන්ට ද ඇසුණමුත් මේ දෙපළට ඒ ගැන කිසිදු තැකීමක් නොතිබිණි. බසය නවතා තිබූ නිසා ඔවුන් කතා බහ කළ දේ අවට සිටි සියල්ලන්ටම ඉතා පැහැදිලිව ඇසිණි. එක්වරම කවුළුවෙන් එපිට ඈත ගසක් දෙසට අත දිගු කළ පෙම්වතිය ”බබා ඔයාට පේනවද අර ඈත පේන ගහේ වහලා ඉන්න කුරුල්ලෝ දෙන්නා?” යැයි තම පෙම්වතාගෙන් විමසීය. වහා ඇය පෙන්වූ දෙස ගෙල දිගු කර බැලූ සිසුවා ”ආ ඔව් ඔව්.. අර ඉන්නේ. මට පේනවා. ඒ කපුටො දෙන්නෙක් නේ බබී” යනුවෙන් පැවසීය. ”බලන්න අනේ. උන් කොච්චර ආදරයෙන් ද තුරුලූවෙලා ඉන්නේ. අපි දෙන්නත් ඒ  විදියට ඉමු” ඇය පැවසුවේ තම ආදරවන්තයාට තව තවත් තුරුලූ වෙමිනි. ”ඔයාට පිස්සුද බබී. මට නං කොහොම හරි නැගගන්න පුළුවන්. ඒත් ඔයා කොහොමද ඔච්චර උඩ තියෙන අත්තකට නැඟ ගන්නේ” යැයි පාසල් පෙම්වතා පිළිතුරු දෙද්දී ඒ අසා සිටි අයට සිනහව නවතා ගන්නට නොහැකි විණි. මුහුණ රකුසු කරගත් සුරතල් ආදරවන්තිය අතේ තිබුණු රෝස පැහැති මල් කුඩයෙන් තරුණයාට පහරක් එල්ල කර බසයෙන් බැස ගියේ නිකන්ම නොව තම ආදරවන්තයාට සිවුපාවකුගේ නාමයකින් ද සංග‍්‍රහ කරමිනි.



අදහස් (0)

කුරුල්ලො විදිහට තුරුලූ වෙන්න ගිහින් පෙම්වතාට කුඩපහරක්

රුවන්ත Tuesday, 06 March 2012 10:39 AM

නියම කොල්ලෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site