බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ
හෙතෙම කයිරාටිකයෙකි. මැදි වයසේ පසුවන ඔහුගේ රැකියාව එළකිරි අලෙවි කිරීමයි. තම මව සමඟ නිවසේ වාසය කරන ඔහු අවිවාහකෙයකි. මවට හොරා වැඩි කිරි ප්‍රමාණයක් වෙළඳපොළට දැමූ පුතණ්ඩියා නිසා මවගේ ව්‍යාපාරයට කණ කොකා හැඬ වූ කතාවක් සබරගමු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
මව සැම දිනකම උදෑසන තමන්ට අයත් එළදෙනගේ කිරි දොවන්නීය. එම කිරි භාජනයකට දමා ගෙන පාපැදියෙන් ගොස් කිරි කාල, භාග සහ බෝතල් වශයෙන් අලෙවි කරන්නේය.
කිරි අලෙවි කිරීමට පෙර ඔහු නිවස ආසන්නයේ ඇති කුඩා ජල උල්පතට ගොස් කිරි වලට වතුර ටිකක් කවලම් කරන්නට අමතක නොකරන්නේය. තම මව සෑම දිනකම උදෑසන තිබෙන කිරි ප්‍රමාණය මැන දෙන්නීය. ඒ නිසා මවට හොර බොරුවක් කිරීමට නොහැකිය.
ජල උල්පතට ගොස් කවලම් කරන වතුර ප්‍රමාණය අනුව ඔහුට අතිරේක මුදලක් ලැබේ. දිනක් කිරි වලට වතුර කවලම් කර අලෙවි කරන අතර තුර තිත්ත පැටව් කිහිපදෙනෙක් (කුඩා මාලු පැටව්) කිරි භාජනයෙන් එළියට පැන්නාහ. මෙය දුටු කිරි මිල දී ගැනීමට පැමිණි පුද්ගයකු මේ පිළිබඳව විමසුවේය.
ඔහුට කට උත්තර නැතිවිය. උඹ හැමදාම අපිට ඇළේ වතුර කවලම් කරලා තමයි කිරි විකුණලා තියෙන්නේ කියා අසල්වැසි පුද්ගලයා පොල්ලක් අතට ගත්තේය.
ඔහු තම පාපැදිය හැකිතාක් වේගයෙන් පැද ගෙන ගියේය.
ඔහු කඩමංඩියේ දී හමු වූ විට කොල්ලො කුරුට්ටෝ තිත්ත පැටව් එහෙම දැක්කෙ නැද්ද මාමේ කියා ඇසුවාම ඔහුගෙන් ලැබෙන්නේ අමු තිත්ත කුණුහරුප දෙක තුනකි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිරිබෝතලෙන් තිත්ත පැටවු මතුවෙලා ජංජාලයක්