IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුරුඳු තලන්න ගෙදර නැවතුණු කොලේලො දෙන්නා මවයි දුවයි අරන් පැනලා

දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිතව ඇති ග්‍රාමසේවා කාර්යාලයකි. උදේ පාන්දරම එහි දිව ආ මැදිවියේ පුද්ගලයකු ග්‍රාමසේවා කාර්යාලයට ගොඩ වූයේ පැමිණිල්ලක් කිරීමටය.


 දැඩි නොසන්සුන්තාවකින් සිටි ඔහු තම නිවෙසෙහි වූ කාමරයක කුරුඳු තැලීමට පැමිණ එහි නතර වී සිටි තරුණයින් දෙදෙනකු තලන ලද කුරුඳු මිටි කීපයක් රැගෙන අතුරුදන්ව ඇති බව පැවසුවේ දැඩි නොසන්සුන් බවකිනි. “එතකොට තමුන් ගෙදර සිටියේ නැද්දැයි” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ පෞද්ගලික ආයතනයක මුර සේවයේ යෙදී සිටින තමා එදින රාත්‍රි මුර රාජකාරියේ යෙදුන බවකි.


 මේ පිළිබඳව තොරතුරු තම පොතේ සටහන් කරගත් ග්‍රාම සේවක ඒ වනවිට ගෙදර සිටියේ කවුදැයි විමසීය. “දුවයි, පවුලයි ගෙදර ඉඳලා තියෙනවා” ඔහු කීවේ දුකෙනි. 


ඉතිං දුවගෙන් ඇහුවෙ නැද්ද? ග්‍රාමසේවක විමසීය.


“එයත් උන් එක්කම පැනල ගිහින්” යැයි ඔහු කීය. “හත්ඉලව්වයි... ඕක කලින් කියන්න එපායෑ.  ඔය කුරුඳු ටිකට වැඩිය දුව වටින්නෙ නැද්ද?” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ තමා විවාහවීමේදී බිරියත් සමඟම ආ ඇය තමාගේම දියණියක නොවන බවය.


 “ඉතිං බිරිඳගෙන් ඇහුවෙ නැද්ද?” ග්‍රාමසේවක යළි විමසුවේ මද තරහවකිනි.


“එයත් උන් එක්කම ගිහිං” එවර ඔහු කීවේ ඉවත බලාගෙනය. 


“යකෝ මේක හතර බීරි කතාවක්නේ” කී ග්‍රාමසේවක “ඇයි ඕවා කලින් නොකීවේ මේක මම පොතේ ලියාගන්නම්. පොලිසියට ගිහිං පැමිණිල්ලක් කරනවා” කීවේ පොත වසා දමමිනි.


 “පොලිසි යන්න ලැජ්ජයි රාලහාමි” ඔහු කීය.


“එහෙනම් පාඩුවයි, ලැජ්ජාවයි දෙකම තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා” ග්‍රාමසේවක කීවේ කෝපයෙන්ලු. 

(තිහගොඩ - උපසේන ලියනගම)

 

 



අදහස් (0)

කුරුඳු තලන්න ගෙදර නැවතුණු කොලේලො දෙන්නා මවයි දුවයි අරන් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site