IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනා මැද හිඟා කෑ යාචකයාගේ බෑගයේ හතළිස්දාහක්

(උණවටුන ඩී.ජී. සුගතපාල)
 කොරෝනා වයිරසය පැතිර යාමත් සමග ගාල්ල නගරයේද ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.


ගාල්ල පොලිසිය අවටද, කොටුවට පිවිසෙන මාර්ගද, කළුවැල්ල ප්‍රදේශයද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසකට පිවිසෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට ආරක්ෂක අංශ උපදෙස් දුන්නේය.


 මේ නිසා නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්ද දක්නට ලැබිණි. රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාවද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගත්තේය.


මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පිරිසක්ද වූහ. ඒ නගරයේ සිඟමනේ යෙදී සිටි යාචක පිරිස්ය. ඔවුන් අතර ගාල්ල පොලිසියේ තාප්පය අයිනේ සිට සිඟමන් යදින පුද්ගලයෙක් ද විය. ඔහු දිනපතා රාජකාරියට පැමිණෙන පුද්ගලයකු ලෙස පැමිණ තාප්පය අයිනේ සිට සිඟමනේ යෙදීම සිරිත විය.


ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කිරීමත් සමග ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් ඔහු ඉවත්වූයේ නැත. පසුව ආරක්ෂක නිලධාරීන් ඔහු එම ස්ථානයෙන් ඉවතට කැඳවාගෙන ගියේය. .


එසේ කැඳවාගෙන ගොස් ඔහුගේ බෑග් ඇතුළු අනෙකුත් භාණ්ඩ දැඩි සෝදිසියකට ලක් කළහ. ආරක්ෂක නිලධාරීන්ගේ දෑස් උඩ ගියේය. නෝට්ටුවලින් පමණක් රුපියල් හතළිස් දෙදහසක මුදලක් යාචකයා සතුවිය. සිඟාකෑම මොනතරම් වාසිදායක දැයි එහි සිටි අය පවසනු ඇසිණි.

 



අදහස් (1)

කොරෝනා මැද හිඟා කෑ යාචකයාගේ බෑගයේ හතළිස්දාහක්

sana Thursday, 19 November 2020 07:17 AM

ඒ යාචකයා කාලෙක ඉඳන් එකතු කරපු සල්ලියක් වෙන්න ඇති බැංකුවට දාන්න තේරුමක්වත් ගිණුමක් පටන් ගන්න ලේඛනවත් නැතුව ඇති.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site