IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කො​ෙරා්නා ජරමර අස්සේ බඩු මල්ලටත් විදලා

 (කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
 නිරෝධායනය වන තම මිතුරාට ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් යැවූ වියළි ආහාර ද්‍රව්‍යවලින් බාගයක්ම පිල්ලි ගැසූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.


 තමාගේ හිතවතා කොරෝනා ආශ්‍රිතයකු බව දැනගත් ඔහු නිරෝධායනය වන හිතවතාගේ කෑම බීම සඳහා රුපියල් දසදහසක පමණ වියළි ආහාර තොගයක් යැවීමට සිතා ගත්තේය.


 තමාට ඒ සඳහා ඔහුගේ නිවෙසට යාමට වේලාවක් නොතිබූ බැවින් ඔහු තමා හොඳින් දන්නා හඳුනන ත්‍රිරෝද රථ රියැදුරකුට එය බාර කළේ ඒ සඳහා අවශ්‍ය මුදල් හා බඩු ලැයිස්තුව ද සමගය. ඒ සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව ද ගෙවා දැමූ ඔහු බඩු මිලදී ගැනීමෙන් ඉතිරි වන මුදල් ද ත්‍රිරෝද රථ රියැදුරාට ගන්නා ලෙස කීවේ එය වඩාත් හොඳින් කරාවි යන ඒකාන්ත විශ්වාසයෙනි.


 ත්‍රිරෝද රථයකින් තමා බඩු ටිකක් එවන බවත් සිය හිතවතාට දුරකතන ඇමතුමක් දී ඔහු කීවේය. එමෙන්ම එවන ලද බඩු ලැයිස්තුව ද වට්ස්ඇප් මාර්ගයෙන් හිතවතාට ලැබීමට සැලැස්සුවේය.


 කියූ පරිදි ත්‍රිරෝද රථ රියැදුරකු හිතවතාගේ ගේට්ටුව ඉදිරිපස බඩු තොගයක් ගෙනත් දැම්මේය. ත්‍රිරෝද රථ රියැදුරු ඒ බව දැන්වීමෙන් අනතුරුව ඔහු හිතවතා එවූ බඩු තොගය නිවෙසට ගෙන ගියේය. ඒත් සිය හිතවතා තමාට වට්ස්ඇප් මාර්ගයෙන් එවූ බඩු ලැයිස්තුවේ බඩු නැති බව බැලූ බැල්මට ඔහුට පෙනුණේය.


 ඒ අනුව ඔහු තමාට හිතවතා වට්ස්ඇප් මාර්ගයෙන් එවූ බඩු ලැයිස්තුව පරීක්ෂා කර බලන විට ත්‍රිරෝද රථ රියැදුරා ගෙනත් දුන් බඩුවලින් බාගයක පමණ අඩුවක් දුටුවේය. සම්බා හාල් කිලෝග්‍රෑම් දහයේ කොට්ට දෙකෙන් තිබුණේ එකකි. කිරිපිටි පැකැට්ටු හතරෙන් තිබුණේ දෙකකි. ජෑම් බෝතල් දෙකෙන් තිබුණේ එකකි. චීස්, බිස්කට්, සීනි, පරිප්පු ආදී බඩු පැකට්වලින් ද තිබුණේ බාගයකි.


 “අනේ මොකකටවත් නෙමෙයි මේ කතා කරන්නේ. උඹ මට එවනවයි කියපු බඩුවලින් භාගයකුයි මට ත්‍රීවිල් රථ රියැදුරා ගෙනත් දුන්නේ. මම හිතන්නේ නැහැ උඹ මට බොරුවක් කළා කියලා.” ඔහු දුරකතනයෙන් කතා කර හිතවතාට කී විට ඔහුට විශාල ලැජ්ජාවක් ඇතිවූවේය.


ඒ සමගම ඔහු ත්‍රිරෝද රථ රියැදුරාට දුරකතන ඇමතුමක් දී හොඳටම දෝෂාරෝපණය කළේය. “කෙනෙක් අසරණ වෙලා ඉන්න කොටත් මේ වගේ ජරාවැඩ කරන මිනිස්සු ඉන්න බව දැන ගත්තේ අදයි” යයි කියමින් ඔහු ත්‍රිරෝද රථ රියැදුරුට තවදුරටත් දෙහි කැපුවේය.


 ත්‍රිරෝද රථ රියැදුරාත් පරාජය බාර ගැනීමට අකමැති වූයේය. “පොඩ්ඩක් ඉන්න මහත්තයා. මම පොඩ්ඩක් හොයලා බලන්නම්” කියමින් ත්‍රිරෝද රථය නතර කරනවා ඔහුට ඇසුණේය. ඒ සමගම “අනේ සමාවෙන්න ඕනෑ මහත්තයා. මට බඩු ටිකක් අර නිවසේ බාන්න අමතක වෙලා. ඒ බඩු ටික තියෙනවා. මම ගිහිල්ලා ඒක ආයෙත් බාරදීලා එන්නම්” කියමින් කීවේය.


 “හා හා බඩු ටික දීලා එනවකෝ. ආයෙත් මේ වගේ කොන්ත්‍රාත් තමුසෙට දෙන්නෙත් නැහැ. ආයෙත් ත්‍රීවිල් එකේ හයර් යන්නෙත් නැහැ” කියමින් ඔහු දුරකතන ඇමතුම විසන්ධි කළේය.



අදහස් (1)

කො​ෙරා්නා ජරමර අස්සේ බඩු මල්ලටත් විදලා

beau Wednesday, 28 July 2021 01:22 PM

බඩු ලැයිස්තුව මිතුරාටත් දුන්න බව කිවුවා නම් ත්‍රී වීල් ඩ්‍රයිවර් ඔය බලු වැඩේ නොකරන්න තිබුණා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site