(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා ආසාදිත වූ කාන්තාවක රෝහල්ගත කරන්නට රැගෙන යාමෙන් පසු කිසියම් පිරිසක් එම කාන්තාවගේ නිවෙසට රතිඤ්ඤා දල්වා විසි කර දමා අමන සතුටක් පළකළ බව කියන පුවතක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකින් පසුගියදා අසන්නට ලැබිණි.
නිරෝධායනයට ලක් කර සිටි මෙම නිවැසියන් සදහා පී.සී.ආර්. පරීක්ෂණයක් කළ පසු මෙම කාන්තාව කොරෝනා ආසාදිත බව හෙලිවී ඇත. ඒ අනුව සෞඛ්‍ය බලධාරීහු ඇය රෝහල් ගත කරන්නට ගෙන ගොස් ඇත්තේ සුවසැරිය ගිලන් රියක් මගිනි.
ඇය රෝහල්ගත කරන්නට ගෙන ගොස් ටික වේලාවකට පසු මෙම නිවෙස අසලට රතිඤ්ඤා දල්වා දමා කෑකෝ ගසා ඇති අතර අනතුරුව නිවැසියන් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැන්වීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරි පිරිසක් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර ඇතත් මේ ක්‍රියාවට සම්බන්ධ වූවන් අනාවරණය කර ගැනීමට ඒ අවස්ථාවේ හැකිවී නැත.
කිසිවකුගේ රෝගි තත්ත්වයක් හේතුකොට ගෙන සතුට පළ කරන්නට තරම් වත්මන් සමාජය මේ තරම් පහත් හැසිරීමක් පෙන්නුම් කිරීම සමාජයේ පිරිහීම පෙන්වා දෙන කැඩපතක් බව පැවසූ විමර්ශනයට ගිය පොලිස් නිලධාරීහු කෙසේ වෙතත් අනෙක් පාර්ශවයේත් බරපතළ අඩුපාඩුවක් ඇතැයි සැක කරන බව සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනා කත රෝහල් ගෙනගියාට අසල්වැසි පිරිසක් රතිඤ්ඤා පත්තු කරලා
sugath Friday, 14 May 2021 11:10 AM
නුගත්කම ඉහවහා ගිය උදවිය.
sampath Saturday, 15 May 2021 03:22 AM
ඕවා මේ රටේ සාමාන්‍ය දේවල්.
Asanka Sunday, 16 May 2021 07:36 AM
රතිඤ්ඤා කරල් එල්ලන්න තිබුණේ බෙල්ලේ...