IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොරෝනාවට මුවාවී වන්දනාවේ ගිහින්

වියලුව වාර්තාකරු
කොරෝනාව වැළඳුණ බව  පවසා දින ගණනාවක් නිවාඩු ඉල්ලුම් කළ සේවකයකු පවුලේ උදවිය ද සමග සිරිපා කරුණා කළ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔහු එක්තරා ආයතනයක සාමාන්‍ය තනතුරක් දරන පුද්ගලයෙකි. ආයතනයත් එහි සේවක මණ්ඩලයත් අපහසුතාවට පත්වන අයුරින් නිතර නිවාඩු ලබා ගන්නට ඔහු කිසිවිටෙකත් පසුබට නොවන්නෙකි. 


පසුගිය දිනෙක ඔහු ආයතන ප්‍රධානියාට දුරකථනයෙන් කතා කළේය. ‘‘සර් මටයි පවුලේ අයටයි කොරෝනා  හැදුන, ඊයේ බේත් ගන්න ගියාම තමා අහු උනේ. දොස්තර  මහත්තය කිව්ව අපිට ගෙටම වෙලා ඉන්න කියලා.’’ ඇමැතුමෙන් කියවුණේ එවැන්නකි


පුවත ඇසූ ආයතන ප්‍රධානියා ද ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ආයතනයේ සේවකයකු කැඳවූ හෙතෙම ඔහුට කුමන හෝ උදව්වක් ලබාදීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබාදුන්නේය.


ඒ අනුව ආයතනයේ සියලුම දෙනාගේ දායකත්වය ඇතිව එකතු කරගත් මුදලින් හාල්, සීනි, පරිප්පු ඇතුළු නිවසට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පිරවූ මල්ලක්ද රැගෙන ආයතනයේ පිරිසක් ඔහුගේ නිවස කරා පිටත්වූවේ ආයතන ප්‍රධානියාගේ උපදෙස් අකුරටම ක්‍රියාවට නංවමිනි. 


කොරෝනා වැළඳුණු තම මිතුරාට උදව් කිරීමට බඩු මුට්ටු පොදි බැඳගෙන ඔහුගේ නිවස සොයා ගිය ආයතනයේ සේවක පිරිසට දැක ගන්නට ලැබුණේ ඔහුගේ නිවස ඉබි යතුරු දමා වසා ඇති බවකි.


අසල්වාසීන්ගෙන් ඒ පිළිබඳව විමසද්දී ඔවුන් කියා සිටියේ එම පුද්ගලයා හා පවුලේ උදවිය ගමේ නඩයක්ද සමග සිරිපා කරුණා කරන්නට ගොස් ඇති බවකි.


ඔහු කළ කපටි වැඩේ ගැන අපහසුතාවට පත් ආයතන සේවක පිරිස විමසද්දී ඔහු ඇඟට පතට නොදැනී  පවසා ඇත්තේ ‘‘දන්නැද්ද අපේ වැඩ’’ යනුවෙනි. 

 



අදහස් (0)

කොරෝනාවට මුවාවී වන්දනාවේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1561 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site