IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කයිවාරු ගසා දඩත් කාලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



පොලීසියෙන් අල්ලාගත් මිතුරාගේ රුපියල් විසිපන්දහසේ දඩය නොගෙවන තැනට කටයුතු කරන්න තමාට හැකි යැයි පුරසාරම් දොඩා ඒ සඳහා මැදිහත්වීමට ගොස් මිතුරාගේ දඩය මෙන් තෙගුණයක දඩයක් ගෙවන්න සිදු වූ හාදයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මිතුරා ලාබාලයෙකි. රිය පැදවීමට බලපතක් ද නැති අයෙකි. ඔහු මේ ඊයේ පෙරේදා රෑ නගරයට යතුරු පැදියකින් යන අතරවාරයේ දී පොලීසියෙන් අල්ලා ගත්තේය. ඒ රිය පැදවීමේ බලපතක් නැතිව යතුරු පැදිය පැදවීමේ වරදටය. ඒ අවස්ථාවේ දී ඔහුට මතක් වූවේ පොලීසිය තමාගේ අතේ යයි පුරසාරම් දෙඩ වූ මිතුරෙක්ය. ඒ අනුව ඔහු මිතුරාට කීවේ තමා පොලීසියෙන් අල්ලාගත් බවය. රිය බලපත නැති හෙයින් තමාට රුපියල් විසිපන්දහසක දඩයක් ගසන තැනට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද ඔහු කීවේය.


මිතුරු තෙමේ ඔහු ඉන්නා තැන අසා ගත්තේය. පිම්මේ ඔහු සිය යතුරු පැදියෙන් ගියේ පොලීසිය අල්ලාගත් තැනටය. අපරික්ෂාකාරීව මහ පාරේ තමන්ලා ඉදිරියට එන යතුරු පැදියකට පොලිස් නිලධාරීහු දෙදෙනෙක් අත දැමූහ. මිතුරා ද එතනය.
පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ පෙරේදා පොලීසියට පත්වීම් ලබා ආ කොලු‍ ගැටව් දෙන්නෙකි. හා ඔයා බීලා නේද? ගන්න රියදුරු බලපත එය පෙන්වීමට සමත් වුවත් ඔහු ආ යතුරු පැදිය සඳහා ආදායම් බලපත නොවීය. එමෙන්ම රක්ෂණ සහතිකය ද නොවීය.
ඔහු තමා දන්නා හඳුනන පොලිස් නිලධාරීන්ගේ නම් කිය කියා කෑ ගැසුවත් පොලිස් ගැටව් දෙන්නා ඔහුට බීමතින් රිය පැදවීම, ආදායම් බලපත හා රක්ෂණ සහතිකය නැතිවීම පිළිබඳව තුන් වරදට නඩු දැමීමට පොලීසියට රැගෙන ගියේ මිතුරාට ද රිය බලපත රිය පැදවීමට.............. රැගෙන යන ගමන්මය.
මිතුරාගේ වරදට දඩය විසිපන්දහසකි. ඔහුව එයින් බේරා ගැනීමට පැමිණි අයගේ වරද තුනට රුපියල් හැත්තපන්දහසකි. මේ මිතුරු යුගලයම දැන් අධිකරණයට යාමට ඉන්නේ එම දඩ මුදල් ගෙවීමටලු‍.

 



අදහස් (0)

කයිවාරු ගසා දඩත් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site