කුඹුරේ තණ කන්නට බැඳ තිබූ ගවයා වෙනත් කෙනකු විසින් මස් කඩයකට විකිනීම නිසා ගවයා සොයා අයිතිකරුට ගමපුරා ඇවිද යන්නට සිදු වූ පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ඔහු තම හිතවතකුගෙන් ඉල්ලාගෙන ගවයකු ගෙදර ඇති කළේය. ඔහුගේ දරුවෝද මේ සතාට බෙහෙවින් ආදරය කළහ.
මේ නිසා මේ ගවහිමියා හෝ දරුවකු දිනපතාම උදෑසනම ගවයා රැගෙන ගොස් පාළු කුඹුරක හෝ ඉඩමක තණ කන්නට බැඳ එන අතර සවසට ගොස් ගවයා ආපසු රැගෙන අවුත් ගෙවත්තේ බැඳ දැමීම ඔවුන්ගේ දින චර්යාවේ කොටසක් වී තිබුණි. මෙම කතාවේ ගවයා සොරකම් කළ පුද්ගලයාට කඩමණ්ඩියට යන විට කෙනෙක් අතර මගදී මුණ ගැසුණේය. ඔහු අල්ලපු ගම්මානයේ වූ මස්කඩයේ මුදලාලිය මුදලාලි අද මොකද මේ පැත්තේ මස්කඩ මුදලාලි දුටු ගමන් ඔහු කතාවට වැටුණේය. හරකෙක් සොයාගෙන තමයි ආවේ මහත්තයා මස්කඩ මුදලාලි පිළිතුරු දුන්නේය.
මගේ හරකෙක් නම් ඉන්නව. මටත් දැන් මූව හරිම වදයක් වෙලා තියෙන්නේ. වැඬේ තියෙන්නේ මූව විකුණන්න වෙන්නේ අපේ ගෙදර අයට හොරෙන්. උන් දැනගත්තොත් මේකව විකුණන්න දෙන්නෙ නැහැ. “ඒකට බය වෙන්න එපා මහත්තයා. මා කාටවත්ම නොකියා අරගෙන යන්නම්. මට සතා ඉන්න තැන පෙන්වන්න” මුදලාලි සමඟ ටික දුරක් ගිය සිරා අර කුඹුරෙ ඈත බැඳල ඉන්නෙ මගෙ හරක තමයි. මට සල්ලි ටික දීල කාටවත් නොපෙනෙන්න කඹේ ලිහාගෙන යනව. ඔහුගේ කීමට අවනත වූ මස්කඩ හිමියා සිරා සමඟ කතා කරගත් පරිදි රුපියල් තිස් දහසක් දී හරකා සිටි තැනට ගොස් ඌ ලිහාගෙන රැගෙන ගියේය. මේ කිසිවක් නොදත් සේ යන්නට ආ ගමන නවතා දමා ආපසු ගෙදර ගියේය. ගවයාගේ හිමිකරුවන් රෑට ගෙදර රැගෙන එන්නට සවස ගොස් බලන විට උදේ ගවයා බැඳ ආ තැන තිබුණේ ඉන්න පමණය. මුළු ගම පුරාම සොයා බැලුවද ගවයා සොයා ගැනීමට නොහැකි විය. සිදු වී ඇති දෙය පසුව ආරංචි වුවද නැති වූ පාඩුව ලබාගත්තම තවත් මුදලක් වැය කිරීමෙන් පලක් නැතැයි සිතූ ගවහිමියා එය අමතක කර දැම්මේය.
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
කුඹුරේ බැන්ද ගොනා මස් කඬේට දක්කලා
හිමාල් Friday, 23 December 2016 05:13 PM
මෙහෙම තිරිසන් මිනිස්සු! (නි)