IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කෑම බහිරවයා ගිලලා

හෝමාගම ප්‍රියන්ත ජයලත්


නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක සේවකයකු උදෑසන ආහාරයට නිවෙසින් රැගෙන ආ කෑම ආහාරයට ගැනීමට සුදානම් වී බලන විට කෑම පෙට්ටියේ කිසිවක් තිබි නොමැති සිද්ධියක් නුගේගොඩ  ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
එම  සේවකයා නුගේගොඩ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන අතර ඔහු  පසුගිය දිනක උදෑසන සුපුරුදු  පරිදි තම රාජකාරී ස්ථානයට ඒමට සුදානම් වී ඇත. 
එම අවස්ථාවේ ඔහුගේ බිරිය අද කඩෙන් කෑම කන්නෙ නැතුව මේ බත් එක කන්න යැයි පවසා ගෙදර පිසින ලද බත් සහ එළවළු සහිත කෑම පෙට්ටියක් උණු උණුවේ ගෙනවිත් ඔහුට ආදරයෙන් දී ඇත. ඔහු එම කෑම එක සිනහමුසු මුහුණින් භාරගෙන තම ත්‍රී රෝද රථයේ පිටුපස ඉතා සුරැකිව තබාගෙන කාර්යාලයට පැමිණ ඇත.


එසේ  පැමිණ ඔහුට පැවරී තිබෙන රාජකාරී කටයුතුවල නියැලී සිටිය දී ඔහුට තදබල හිසේ කැක්කුමක් හටගෙන ඇත. එම අවස්ථාවේ ඔහුගේ ළඟම මිතුරකුට ඒ බව පවසා තමාට ආහාර ගැනීමට නොහැකි බවත් එම කෑම එක මිතුරාට කන ලෙසත් පවරා කෑම පෙට්ටිය කාර්යාලයේ කෑම කාමරයේ කෑම මේසය මත තබා ඔහු රාජකාරියේ නියැළී සිට ඇත.
ඒ අනුව ටික වේලාවකට පසුව එම මිතුරා ආහාර ගැනීම සඳහා කෑම කාමරයට ගොස් දෑත් පිරිසිදු කර එහි බංකුවක් මත වාඩි වී ආහාර ගැනීම සඳහා කෑම පෙට්ටිය වීවෘත කර බලන විට ඔහුගේ දෑස් උඩ ගියේය. 
දෙයියෝ සිහි විය. කෑම පෙට්ටියේ බත් ඇටයක්වත් නැත. කිසියම් පුද්ගලයකු විසින් කෑම ටික ආහාරයට ගෙන තිබෙනු දක්නට ලැබිණ.
උදෑසනම දානයක් දුන්නා යැයි සිතමින් සතුටු සිතින් තම රාජකාරියේ නියැළිණි.

 



අදහස් (1)

කෑම බහිරවයා ගිලලා

Lalla Wednesday, 05 June 2024 05:03 PM

මිතුරාට දුන්නා නම් කොහොමද බහිරව කතාව ආවේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site