කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
ශීත කළ විදුහල්පති කාමරයේ නොසිට මේ විදුහල්පතිවරයා ලැබෙන සෑම අවස්ථාවකම පන්ති නිරීක්ෂණයට ගියේය. එදා ගියේ විවේක කාලයේදීය. එසේ යන අතරේදී එක පන්තියක ළමෝ කෑකෝ ගසමින් තමන් ගෙනා බත් පතවල් ලිහාගෙන කෑවේ පන්ති කාමරයේද ඉඳුල් හල හලාය. මේ පන්තියට විදුහල්පතිවරයාගේ අවධානය යොමුවිය.
හෙමිහිට එම පන්ති කාමරයට කිට්ටු කළ විදුහල්පතිවරයා එහි ළමයි කෑම ගන්නා අපිළිවෙළ නිරීක්ෂණය කළේය. ඒ සමගම එතනින් ඉවත්වූ ඔහු කාටදෝ සිය ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා දුන්නේය. ඒ එක්කම විදුහල්පතිවරයා පන්තියට කඩා වැදුණේය. ළමයින් කලබලවූයේ හෙමින් නම් නොවේ.
කෑ ගසා කෑම කෑ තමන්ට විදුහල්පතිවරයා වේවැලෙන් හොඳ පාරවල් දෙක තුනක් දෙතැයි සිසුවෝ සිතූහ. එහෙත් සිදුවූයේ අනෙකකි. හා හා පුතලා කලබල වෙන්න එපා.ඔය ලිහා ගත්ත කෑම ටික ආයෙත් ගැට ගහගන්න කෝ යයි විදුහල්පතිවරයා කීවේ මනා සංයමයකින්ය.
හා පුතාලා ඔතා ගත්ත කෑම අරගෙන මාත් එක්ක එන්නකෝ විදුහල්පතිවරයා එයින් පසු කීය. සිසුන් සිතුවේ විදුහල්පති කාමරය ඉදිරිපිටදී ඔතාගත් කෑම පාර්සල් හැමෝටම පෙනෙන ලෙස ඔළුවේ තියාගෙන ඉන්නට වේ යැයි කියාය.
විදුහල්පති ඔවුන් කාමරයට රැගෙන යනවිට එම කාමරයේ අමුත්තන්ට සංග්‍රහ කරන කෑම මේසය සූදානම්ය. සිසුන් ගණනට පිගාන බැගින් හා වතුර වීදුරුව බැගින් තබා තිබුණේය.
හා දැන් පුතාලා මේ මේසයේ වාඩිවෙලා කෑමටික කන්නකෝ යයි විදුහල්පතිවරයා කීවිට සිසුවෝ කෑම මේසයේ වාඩිවී කෑම කන්න පටන් ගත්හ. ඔවුන්ට එය නුහුරු අත්දැකීමක් වීයෙන් ගුරුවර ගුරුවරියන් කීපදෙනකු ද ඔවුන් අසලට ආවේ උදව්වටය.
මේකයි පුතා කෑම කනකොට කෑ ගගහා ඉදුල් හල හලා කන්න හොඳ නැහැ මෙහෙමයි කෑම කන්නේ යයි විදුහල්පතිවරයා සිසුන්ට පැවසුවේ පාසල් පොතක පතක නැති පාඩමක් උගන්වමිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෑම නානවාට ප්‍රින්සිපල්ගෙන් අමුතුම පාඩමක්
himal Wednesday, 31 May 2023 02:49 PM
පන්තියක සාමාන්‍යයෙන් ළමයි 30ක් විතර ඉන්නවා නම් ළමයි එච්චරකට එකවර කන්න තරමේ බොජුන් හලක් මේ පුවතේ කියන විදිහට විදුහල්පති අමුත්තන් සඳහා කියමින් පාවිච්චි කරනවා. අනෙක ඇයි මේ ශීත කාමරයක් කියන්නේ? ෆෑන් දාගෙන ඉන්න බැරිද?
City Wednesday, 31 May 2023 06:41 PM
විවේචනයක් නොකර අගය කළයුතු හොඳ වැඩකි...
නිරංග Thursday, 01 June 2023 08:26 AM
හැම දෙකම වැරදි දකින්න පුරුදුවෙලා ඉන්න මිනිස්සු තව කොච්චර ඇත්ද මේ රටේ. හඳ පෙන්නනකොට ඇඟිල්ලෙන් අඩුපාඩු දකිනවා.