IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෑම ඕඩරයෙන් සර් ගේ සායම හේදිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සිය ගණනක සිසුන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට පාසල් බලධාරීන් නියම කළේ මේ ගුරුවරයාටය. ඒ ඔහු දරන නිලය අනුවය.
ඒ අනුව ඔහු කෑම ඕඩරය බාර දුන්නේ නගරයේ තැනකටය. ගාණ ටිකක් වැඩිවුණත් ඒ ස්ථානයේ පිළියෙළ කරන කෑම පිරිසිදු මෙන්ම රසවත් බව මේ ස්ථානයෙන් කෑම ඇණවුම් කිරීමට හේතුව බව ඔහු පාසලටම ඒත්තු ගැන්වූයේය.
පාසලේ ක්‍රීඩා උත්සවය පැවති එදා මෝටර් රථයක් තියෙන ගුරුවරයකුට තමා ඇණවුම් කළ කෑම ඕඩරය බාර දුන්නේ ඊට පාසල් සිසුන් දෙතුන් දෙනෙකු ද සම්බන්ධ කර දෙමිනි. ඒ තමා කෑම ඇණවුම් කළ බිල් පතද මේ ගුරුවරයා අතට පත් කරමිනි. ඒ සඳහා මුදල් තමා ගෙවා ඇති බවද ඔහු දැන්වීය. මේ බිල් පත අතට ගත් සැණින්ම මේ ගුරුවරයාට ඇණවුම් කළ කෑම පාර්සල් ඕඩරයේ මිල වැඩි බව දැනුණේ ඔහු සමාජයේ නිරන්තරයෙන් සැරිසරන්නකු හා කෑම ඕඩර් කළ කෙනාගේ නොම්මරය දන්නා නිසාය. මෙතන යම් දෙයක් සිදුවී ඇතැයි ඔහුට ඉවෙන් මෙන් දැනුනේය. මෙය ඔහු සිතේ ගැඹුරුම තැනක තැන්පත් කර ගෙන ගියේ ඕඩරයේ කෑම පාර්සල් ගැනීමටය.
තැනට ඔබින නුවණක් ඇති මේ ගුරුවරයා කෑම පාර්සල් ලබා ගැනීමට ගිය ස්ථානයට ගොස් කෑම පාර්සල් ටික සූදානම් කරන තෙක් එහි හිමිකරු සමග ඉතාමත් කිට්ටු සුහද ඇසුරක් ගොඩනගා ගත්තේය.
ඒ තාවකාලිකවය. කෑම පාර්සලයක ගාණනම් හොඳටම වැඩියි අනෙක මේක ළමයින්ට දෙන එකක්නේ ඇයි එහෙම කළේ යයි මේ ගුරුවරයා කෑම සැපයුම්කරුගෙන් ඇසුවේය. කිසිත් කතා නොකළ ඔහු තමාගේ මේ ප්‍රශ්නයෙන් අන්දමන්දවූ බව ගුරුවරයා දුටුවේය.


නැවතත් ගුරුවරයා ඔහුගෙන් එම ප්‍රශ්නයම ඇසුවේ මෙතන යම්කිසි දෙයක් සිදුවී ඇතැයි යන්න ගුරු නුවණට අවබෝධ වීමත් කෑම ඕඩරය දුන්නු කෙනාගේ කෙරුවාව දන්නා නිසාත්ය.
අනේ සර් මටත් වඩා ඒ ගැන හිතන්න ඕන මේ කෑම ඕඩරය භාරදුන්නු සර්නේ. සර්ට කෑම පාර්සලයකින් රුපියල් පනහක් ඉල්ලු‍වා. එහෙම නැතිවුණා නම් මේ කෑම පාර්සලයකින් තවත් රුපියල් පනහක් අඩු වෙනවා. කෑම ඕඩරය ගන්න ඕන නිසා මම ඒකට කැමති වුණා. මේ ගැන සර් කටේ කෙළ බිම දාන්න එපා යයි කෑම ඕඩරය භාර ගත්ත කෙනා කීවේ මේ ගුරුවරයාට පිංසෙන්ඩු වෙමිනි.
ගුරුවරයා මේ ගැන කටේ කෙළ බිම නොහැලු‍වත් ඔහු සමග ගිය පාසල් සිසුන් තමාගේ කෑම ඕඩරයෙන් සර් ගසා ඇති රුපියල් පනහ ගැන දෙතුන් පලකම කළ කතාව ටිකක් සැරට ගියේලු‍.



අදහස් (0)

කෑම ඕඩරයෙන් සර් ගේ සායම හේදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site