IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කෑමකෑ පිඟාන නොසේදුවාට නැන්දම්මාගෙන් පාඩමක්

කෑම කෑ පිඟාන නොසේදීමේ පුරුද්ද නිසා බිරිය සහ දරුවාද ඇයගෙන් උරුම වූ සේසත ද අහිමි කරගත් තරුණයෙකි. පදිංචි බස්නාහිරය. දුප්පත් පවුලක උපන් ඔහු ආර්ථික අපහසුතා මැද හොඳටම උගෙන ගත්තේය. උපාධියක්ද දිනා ගත්තේය. තරුණ වියට පැමිණි ඔහු සබඳතාවයක් ගොඩනගා ගත්තේ ධනවත් පවුලක තරුණියක සමගය. ඔහුට උපතින් උරුම දේපොළක් නොතිබුණ ද පේ‍්‍රමයට වැට කඩුලූ බඳින්නට අකමැති වූ තරුණියගේ මව්පියෝ ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළහ. යුග දිවියට එලැඹි ඔවුහු තරුණියගේ මව්පියන් ජීවත් වූ නිවෙසට යාබද නිවෙසක පදිංචි වූහ. ඒ ගෙයද බඳින්නට පෙර ජීප් රියක්ද තෑගි වශයෙන් නැන්දම්මාගෙන් ලැබිණි. තරුණිය කාර්යශූරය. රැකියාව සඳහා කලට වේලාවට යන්නීය. ඇතැම් දිනවල නියමිත වේලාවටත් පෙර ගොස් රාජකාරිය අකුරට කරන්නට ඇය වග බලාගත්තාය. පළමු දරුවා ලැබීමට බිරිය රෝහල්ගත වූවාය. තරුණයාට කෑම ගැනීමට සිදුවූයේ නැන්දම්මලාගේ ගෙදරිනි. පළමු දිනයේ දී කෑම කෑ ඔහු පිඟාන සේදුවේ නැත. දෙවැනි දිනයේ කෑමට පෙර අත සෝදා ගන්නට බේසම ළඟට ගිය ඔහු දුටුවේ පෙරදින කෑම කෑ පිඟාන ඉඳුල් පිටින්ම තිබූ බවයි. දෙවැනි දිනයේද කෑම කෑවේය. පිඟාන නොසේදුවේය. තුන්වෙනි දිනයේ කෑමට එනවිට ඉඳුල් පිඟන් දෙක ‘බලූ කූඩුව’ අසල තබා තිබිණි. ඔහු නැන්දම්මා ළඟට ගියේය. හොඳ පිඟන් දෙකක් බලූ කූඩුව ළඟ ඇත්තේ ඇයි දැයි ඇසීය. ”මෙහේ පිඟන් හෝදන්න කව්රුත් නැහැ. අපේ වැඩ අපිම කරගන්නවා.” ඇය උත්තර දුන්නාය. ඉන්පසු ඔහු කෑමට නැන්ද මාමලා ළඟට ගියේ නැත. ඉඳුල් පිඟානෙන් සාර්ථක විවාහයක් ඉහිරී ගියේය. දරුවා ලැබුණු පසු බිරියද අම්මලාගේ ගෙදර ගියාය. ඔහුට ජීප්රිය මෙන්ම බිරියගේ සියලූ සේසතද අහිමි විය. යළිත් පෙර පුරුදු ජීවිතයට යන්නට ඔහුට පාර කැපුවේ ජීවිතයේ ඉතා සුළු අඩුපාඩුවක් බව ඔහු තේරුම් ගන්නා විට සියල්ල ඔහුගේ අවාසියට සිදුවී හමාරය.



අදහස් (0)

කෑමකෑ පිඟාන නොසේදුවාට නැන්දම්මාගෙන් පාඩමක්

ජෝති පාල Saturday, 21 January 2012 10:47 AM

අප්පෝ....

:       0       0

සෙනරත් Thursday, 19 January 2012 12:08 AM

මේ වගේ දේවල් සුලබයි. නමුත් කවුරුත් දැනගත යුතුයි පොඩි අත්වැරැදීම් හදාගන්න පුලුවන් බව. දැන් ඉතින් නැන්දම්මට සතුටු ඇති.

:       0       0

ඉල්ලන්කන්නා Thursday, 19 January 2012 12:56 AM

කොට්ටෝරුවා කෙහෙල් ගහනට එන කතාව තමයි. හොද පාඩමක්

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Thursday, 19 January 2012 09:39 AM

වැඩේ කැතැයි, නැන්දම්මා හරි. ඒත් දඬුවම සැර වැඩී වගේ.

:       0       0

සන්ධ්‍යා කුමාරි Thursday, 19 January 2012 11:34 AM

ළමය ගැන හිතල සමාව දුන්නම් හොදයි

:       0       0

ඩබ්ලිව්.එම්.යූ. බණ්ඩාර Thursday, 19 January 2012 12:11 PM

නැන්දම්මට අයිති නැති වැඩක් කරල තියෙන්නෙ

:       0       0

රංජිත් ගමගේ Thursday, 19 January 2012 12:05 PM

ඉඳුල් පිඟානක් නිසා තමන්ගේ දුවගේ මගුල කඩන අම්මලත් ඉන්නවද ලංකාවෙ ?

:       0       0

Bandula (Jordan ) Thursday, 19 January 2012 08:48 PM

දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී. නැන්දම්ම කළ වැරැදී. කොල්ල කෙළෙත් වැරැදි වැඩක්. ඒත් දුව

:       0       0

Ankasa Thursday, 19 January 2012 08:57 PM

අනේ නැන්දේ

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Wednesday, 18 January 2012 10:06 AM

වාසනාව තිබුණට පින නැහැ. නැන්දම්ම කරපු වැඩේ හරි

:       0       0

සන්ධ්‍යා කුමාරි Wednesday, 18 January 2012 01:17 PM

මුල අමතක කර වැඩ කරන්න හොද නෑ

:       0       0

ජයී Wednesday, 18 January 2012 04:13 PM

නැන්දම්මා ටිකක් දුරදිග බැලුවානම් මේ ප්‍රශ්න‍ය ඇති නොවීමට ඉඩ තිබුණි. ජීප් රිය තෑගි දෙනවා වෙනුවට 'ඩිෂ් වොෂර්' එකක් ගෙදරට ගත්තා නම් හරි.

:       0       0

Kalu Friday, 20 January 2012 05:20 PM

බොරු නම් දාන්න එපා. දැන් දුවටයි දරුවටයි මොකද වෙන්නේ

:       0       0

අනුරංග රාජපක්ෂ Friday, 20 January 2012 05:46 PM

දුප්පතෙක් වෙලා ඉපදුනාට එය ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පතෙක් වෙලා මැරුනොත් එය ඔබේ වරදකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site