IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කාපු පතේ පැහැරූ වේටර්ගේ ජොබ් එකට තට්ටු

 සිංහල අලු‍ත් අවුරුද්දට සිය ගම් රට බලා පැමිණි හෝටලයක වේටර්වරයකු  සිය මිතුරන්ගේ උපදෙස් පරිදි වැටුප වැඩි කර ගැනීමේ අරමුණින් ගැසූ ගැටය කණපිට පෙරළීමෙන් රැකියාවද අහිමිකරගෙන හෝටල් හිමියා වේටර් කොලු‍වා කිරීමේ අපූරු සිද්ධියක් පිළිබඳ දකුණේ කුරුඳු බහුලව ඇති ප්‍රදේශයකින් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

දකුණේ පිටිසර ගමක විසූ දුප්පත් තරුණයකු රැකියාවක් ඉල්ලමින් දුක කියමින්  තැන තැන ගිය අතර ඔහු ගැන අනුකම්පා කළ හෝටල් හිමියකු  හෝටලයේ සේවය කරන ලෙස ඔහුට  පැවසුවේ ප්‍රමාණවත් සේවක පිරිසක් සිටියද මෙම තරුණයා පත්ව ඇති තත්වය ගැන  පිහිටවීමේ අරමුණ ඇතිවය.

පසුව  සියලු‍ පහසුකම් දී තම නිවසේ කාමරයක් පවා වෙන්කර නවත්වා ගත් අතර හිතවත්ව හා කාර්යක්ෂමව සේවය කර හෝටලයේ වේටර් කටයුතුවලට  පමණක් සීමා නොවී  මුදල් ලාච්චුව පැවරීමට තරම් මේ තරුණයා හෝටල්  හිමියාගේ සිත දිනා ගත්තේය.

එමෙන්ම  මෙතෙක් සේවය කළ සේවකයන් අතරේද මත භේද ඇතිකර ඔවුන්ගේද  රැකියා අහිමි කළ ඔහු හෝටලයේ ප්‍රධාන හා එකම වේටර්  වූයේ තනි ගේමක් දෙන බව පවසමිනි. හෝටල් හිමියා ද මොහු කරන සේවය ගැන හා ඔහුට ඇති ආර්ථික ප්‍රශ්න ගැනත් සිතා වැටුප් දෙගුණ කර තමාගේ  සුවච කීකරු  ගෝලයා බව තම මිතුරන්ට පවා හඳුන්වා දුන්නේ මහත් අභිමානයෙනි.

කෙසේ වුවද පසුගියදා සැලකිය යුතු මුදලක් ද රැගෙන අලු‍ත් අවුරුදු සැමරීමට සිය නිවසට ගොස් යහළුවන් වෙනුවෙන් අතපය දිගහැර වියදම් කළ අතර මිතුරන් හා සප්පායම් වන අතරතුර දී ඔහුගේ වැටුප් ඉතා ඉහළ බවත් තමා නොමැතිව මුදලාලිට කිසිවක් කරගත නොහැකි බවත් පවසමින් පාරම් බෑවේ මඳ සිහියෙනි.

එවිට එ් පණ්ඩිතකම ඉහවහා ගිය  මිතුරකු තවත් පඩි වැඩිකර ගත හැකි බව පවසමින් කදිම උපායක් යෝජනා කළේය. එනම් නව වසරේ පළමුව හෝටලය විවෘත කරන දා පාන්දරින්ම  පැමිණෙන බව පවසා හෝටලයේ කෑම බීම පිළියෙල කළ පසු පඩි වැඩිකරන ලෙස ඉල්ලීමක් කර එසේ නොකරන්නේ නම් නොපැමිණෙන බව පවසන ලෙසය. එවිට හෝටල්  හිමියාට එම ඉල්ලීම ඉටු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද  මිතුරන් පැවසුවේ ගණදෙවි නුවණ පහළ වූ විලසිනි.

එය හොඳ උපක්‍රමයක් බව සිතූ ඔහු මිතුරන්ටද ස්තුති කර  මිතුරන් පැවසූ පරිදි හෝටලය ආරම්භ කරන දා උදෙන්ම  ඇමතුමක් ගෙන  පැවසුවේ නව වසරේ රු. 5000 කින්  පඩි වැඩි නොකරන්නේ නම් පැමිණිය නොහැකි බවය.

 හෝටල් හිමියාට දෙලොව රත් විය. දවසේ ආහාර සියල්ල පිළියෙළ කර හමාරය. හෝටලය වසා දැමුවත් මෙවැනි දුදනන් නැවත නොගන්නා බව පවසමින් වහාම තම බිරිඳ අයකැමි ලෙස යොදවා හෝටල් හිමියා වේටර් කොලු‍වා වශයෙන් කටයුතු කළේය.

දින දිවා කාලය වන විට  කඩහිමියාට තේරුම් ගියේ හෝටලයේ ලාභයට වඩා මුදලක් ක්‍රමයෙන් තමා අතට පත්වන බවයි.
එදින රාත්‍රී වැඩ අවසන් වන විට තෙහෙට්ටුවක් දැනුනද සන්තෝසම (ටිප්) සඳහා ලැබුණ මුදල් රැස් කළ පෙට්ටියේ එකතු වී තිබූ මුදල ගැන බලන විට සියලු‍ අමාරු තුරන් විය. එහි  රුපියල් 5560.00 ක් තිබුණි. හෝටලයේ ලාභයට වඩා වේටර් රැකියාව හොඳ බව තේරුම් ගත් හෝටල් හිමියා මොහුගේ සේවය අනවශ්‍ය බවත් නැවත කිසිදා හතර මායිමටවත් නොපැමිණෙන ලෙසත් පවසමින් ඇමතුමක් දුන්නේය.

එය ඇසූ වේටර්වරයා පිස්සකු මෙන් උපදෙස් දුන් මිතුරන්ට බැණ වදින විට වැඩිහිටියකු පැවසූවේ කාපු පතේ පහරන අයට මෙය හොඳ පාඩමක් බවය.

රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

කාපු පතේ පැහැරූ වේටර්ගේ ජොබ් එකට තට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17678 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site