IMG-LOGO

කප්පම් ඉල්ලන්න ගිහින් තරු පෙනිලා

මැරකම්වලට නම් දරා සිටි අයකුගේ නම විකුණා කප්පමක් ගැනීමට ගිය අයකුටම කප්පමක් ගෙවීමට සිදු වූ පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
වයස්ගත පුද්ගලයකුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේය. ඒ මැරකම්වලට නම් දරා සිටි අයකු යැයි හඳුන්වා දුන් අයෙකු නම කියමිනි. එම ඇමතුමෙන් කිය වුණේ කප්පමක් ගැනය. කප්පම් මුදල රුපියල් ලක්ෂ පහකි. නුදුන්නේ නම් මරණයය.
මේ කප්පම්කරුගේ ඇමතුමෙන් එය ලැබූ තැනැත්තා පොඩ්ඩක්වත් බය නොවීය. මේ කප්පම ඉල්ලීමත් සමගම ඔහුට ආ සිනහව නතර කර ගැනීමට බැරි විය. කප්පම්කරුට මෙය ලොකු ප්‍රශ්නයකි. කප්පම්කරු එය ඔහුගෙන් ඇසුවේය. ඒ හිනා වෙන්නේ ඇයි දැයි යන්නය. ඔහු පෙරටත් වඩා මහ හයියෙන් සිනාසුනේය. කප්පම්කරු තවත් අන්දමන් ද වූවේය.


අනේ බෑනෝ උඹ එහෙනම් මගෙනුත් කප්පම් ඉල්ලනව එහෙනම් යයි ඔහු කීවේය. ඒ සමගම කප්පම්කරුට උතුර දකුණ මාරු වූ වාසේය. කවුද බෑනා. මම කොහොමද තමුසෙගේ බෑනා වන්නේ යයි කප්පම්කරු ඔහුගෙන් ඇසුවේය. ඔය කියන විදිහට කප්පම් ඉල්ලන නම තියෙන කෙනා මගේ නංගිගේ පුතා. මමත් එයාට ඇප ගන්න ගොඩක් මහන්සි වුණා. මම මේ කප්පම් මුදල බෑනට දෙන්නම් මේ ජංගම දුරකතන අංකයත් එක්ක යැයි කීවේය.
  ඒ සමගම කප්පම්කරුගේ ගෙරවීම නතරවිය. අනේ මාමේ එයාට නම් මේ බවක් කියන්න එපා. මාමා ඉල්ලන ගාණක් දෙන්නම් යැයි කප්පම්කරු කීවේය. නැහැ නැහැ මම බෑනට මේ කප්පම් මුදල දෙන්නම් මට කතා කළ දුරකතන අංකය දෙන්නම් යැයි ඔහු කීවේය. 
කප්පම්කරුගෙන් ඔහුට චාටු කතාය. ඒ නිසාම මාමා මහත්තයා වුණේය. අනේ මහත්තයා මම ඔයාට සලකන්නම් මේ ගැන නම් එයාට කියන්න එපා. මහත්තයාගේ බැංකු ගිණුම් අංකය එවන්න සල්ලි ටිකක් දාන්න යැයි කියමින් කප්පම්කරු ඔහුට කීවේය.
දැන් ඔහු වීරයාය. මගේ බෑනගේ නම විකුණලා තව කප්පම් කොච්චර තමුසේ අරන් ඇද්ද? ඒ ඔහුගේ හඬය. අනේ එහෙම කරන්න එපා. නැතිකමට කරපු මුල්ම එක තමයි මේ. හා හරි එහෙනම් තමුසේ ආයෙමත් මේ වගේ වැඩ කරන්න එපා.. යයි ඔහු කීවේ ඊළඟ පාර චාන්ස් නැති බව ද කියමිනි.
අවසානයේ සිදු වූයේ කප්පම්කරුටම කප්පමක් ගෙවීමට සිදුවීමය.

 කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

කප්පම් ඉල්ලන්න ගිහින් තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site