IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුනුහරුපෙට තිත තියන්න කොල්ලන්ගෙන් අපුරු පාඩමක්

කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්
මත්පැන් භාවිත කර, අසැබි වදන් කියමින්, අඩ නිරුවතින් ගමන් කළ පුද්ගලයකු හට ගමේ තරුණ පිරිස එකතු වී අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ පුවතක් දකුණුලක ග්‍රාමයකින් වාර්තා වෙයි.
ඔහු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති දෙදරු පියෙකි. ඔහු දිනපතා උදෑසන කුලී වැඩක් සොයාගෙන නිවෙසින් පිට වීම දෛනික කාර්යයක් විය. ඔහුගේ බිරිඳ ඉතා දුක සේ තම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට වෙහෙස දැරූ අතර, ගෙදර දොර අවශ්‍යතා ද සපුරා ගනිමින් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවූයේ තම සැමියාගේ බේබදුකම හේතුවෙනි.
කුලී වැඩක් කර උපයාගන්නා ලද මුදලෙන් වැඩි කොටසක් ඔහු වැය කළේ මත්පැන් අලෙවිසල්වලටය. දිනපතා ඇඳිරි වැටීගෙන එන විට මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වී, ගීතයක කොටසක් ශබ්ද නගා කියවමින්, ඇඳ සිටි සරම ද තම දණහිසටත් වඩා ඉහළට උස්සාගෙන ගමන් කිරීම ඔහුගේ පුරුද්ද විය.


මෙය පාරේ ගමන් කරන්නන්ට මෙන්ම අවට නිවැසියන්ට ද මහත් කරදරකාරී විය. මෙලෙස නොහැසිරෙන ලෙසට ඔහුට කොතෙකුත් අවවාද කළත් ඉන් කිසිදු ඵලක් නොවීය.
මෙය නැවැත්වීම සඳහා කතිකා කරගත් ගමේ තරුණ පිරිස දිනක් ඔහු ගමන් කරන මාර්ගය දෙපස වගා කර තිබූ තේ ගස් මත කහඹිලියා වැල් සහ දිමි ගොටු ගෙනැවිත් දමා, අසල පිහිටි ගසකට මුවා වී බලා සිටියේ කුමක් වේ දැයි සිතමිනි.
එදින ද ඔහු සුපුරුදු පරිදි මධුවිතෙන් සප්පායම් වී, සරම ද ඉහළට ඔසවාගෙන, ගීතයක් හඬ නගා කියමින්, බමන මතින් ගමන් කරන්නට විය. එහෙත් ඔහුට වැඩි දුරක් යාමට නොහැකි විය. ඒ, කහඹිලියා ඇඟේ ගෑවීමෙන් ඇති වූ කැසීම හා දිමියන් ඇඟ පුරා ගොස් දෂ්‍ට කිරීම හේතුවෙනි.
තමාට සිදු වූයේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වූ ඔහු, ඇඟ කසමින් හා තම සරමෙන් දිමියන් පිස දමමින් දිව ගියේ වෙනදාටත් වඩා නොසරුප් බස් කියමිනි. මේ සිදුවීම දෙස බලා සිටි පිරිසගෙන් ද ඔහුට ලැබුණේ හූ සංග්‍රහයකි. කෙසේ වෙතත් ඊට පසු දින සිට ඔහු මධුවිත තොලගා පැමිණියත්, අහල පහළ කිසිවකුටත් කරදරයක් වූ බවක් දැනගන්නට නොවිණි.

 



අදහස් (0)

කුනුහරුපෙට තිත තියන්න කොල්ලන්ගෙන් අපුරු පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site