IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කානුවෙ කෙඳිරි ගාන තරුණයන් දෙන්නාට වඩා ඌරකු ලොකු වෙලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම
යතුරුපැදියක වල් ඌරකු ගැටී අනතුරක් සිදුවන අවස්ථාවේදී පිටුපසින් පැමිණ ත්‍රිරෝද රථයක සිටි පිරිසක් තුවාලකරුවන්ට පිහිට නොවී ඌරා රැගෙන පලාගිය පුවතක් ඉකුත් 22 වැනිදා රාත්‍රියේ දී පොල්පිතිගම නගර සීමාවෙන් වාර්තා වේ.


පොල්පිතිගම නගරයේ සිට හීරලුගම දෙසට පෙරේදා (22 වැනිදා) රාත්‍රී 10.00 ට පමණ තරුණයන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක පාර හරහා පනින ලද වල් ඌරකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.


මෙම අනතුරින් ඒ අවට ලියනගම හා අමුණුකොළේ පදිංචි අවුරුදු 18ක හා 23ක වයසැති තරුණයෝ දෙදෙනෙක් තුවාල ලැබූහ.
අනතුරට පත් ඔවුහු සිද්ධිය ගැන මෙසේ කීහ.


“ඌරා ගැටීමෙන් යතුරුපැදියේ වේගය පාලනය කර ගන්න බැරිව අපි කානුවේ වැටිලා නැගිට ගන්නවත් බැරිවයි හිටියේ. ඒ වෙලාවේ පස්සෙන් ආව ත්‍රිරෝද රථයක් නතර කරලා දෙන්නෙක් එතැනට දුවගෙන ආවා. 


ඒ අය ඇහුවා ඇයි පෙරළුණේ කියලා. අපි කිව්වා ඌරෙක් හැප්පුණා කියලා. ඒ වෙලාවේ ඌරා කොහෙද කියලා අහලා ඒකා දැකලා උස්සාගෙන ගිහින් ත්‍රිරෝද රථයට දාගෙන ඒ අය අපට කතා නොකරම යන්න ගියා.


පස්සේ අපි ගෙවල්වලට කෝල් කරලා ගෙදර අය ගෙන්න ගත්තා. ඒ අයත් එක්ක තමයි පොල්පිතිගම මූලික රෝහලට ගියේ. බෙහෙත් දාගෙන පස්සේ ගෙදර ආවා. ඇඟ පුරා තුවාල තිබෙන නමුත් බරපතළ නැහැ.” ඔවුහු පැවැසූහ.



අදහස් (2)

කානුවෙ කෙඳිරි ගාන තරුණයන් දෙන්නාට වඩා ඌරකු ලොකු වෙලා

Pradeep Kumara Friday, 26 August 2022 09:03 AM

තරුණයෝ දෙන්නා කාටහරි කතා කරලා උපකාර ඉල්ලගනීවි කියලා හිතන්න ඇති එයාලා. ඒත් අර කතා කරන්නවත් බැරි ඌරා කාගෙන් පිහිටක් ලබන්නද කියලා හිතලා ඌට බෙහෙත් අරන් දෙන්න එක්කගෙන යන්න ඇත්තේ.

:       0       22

fairoosSunday, 28 August 2022 04:46 PM

හා හා.. නියමයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 79 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site