IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කානුවක් පොටෝ අරන් පැය 5 ක් කූඩුවේ

(මනෝජ් හර්ෂික)

දකුණු පළාතේ ප්‍රධාන නගරයක සංචාරක හෝටලයක උසස් තනතුරක් හොබවන තරුණයකි. දිනක් ඔහු තම කාර්ය මණ්ඩලයේ මිතුරන් දෙදෙනකු ද සමඟ හෝටලයෙහි කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා නගරය වෙත යාමට තීරණය කළේය. හෝටලයේ සිට නගරයට එතරම් දුරක් නොවූ හෙයින් පා ගමනින්ම නගරය වෙත යාමට මිතුරෝ තිදෙනා පිටත් වූහ. හෝටලයේ සිට නගරය වෙත යාමට ඇති කෙටි මාර්ගය වැටී ඇත්තේ උසාවි සංකීර්ණයක් අසලින් වන අතර එම ප්‍රදේශයේ ජනයා මෙන්ම පොලිස් නිලධාරීහු ද එහි රාජකාරියේ නිරතව සිටියහ.

උසාවි සංකීර්ණය ඉදිරිපිට මාර්ගය අසළින් ගමන් කරන මිතුරන් අතරින් එහි සිටින “අප කතා නායකයා” එක්වරම ගමන නතර කර තම ජංගම දුරකතනයෙන් මාර්ගය අසළ ඇති කානුවේ ඡායාරූප කිහිපයක් සටහන් කර ගත්තේය. හෝටල් ක්ෂේත්‍රයට පැමිධෑමට පෙර මෙම තරුණයා අගනුවර ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ හෙයින් ඔහු උසාවි සංකීර්ණය අසළ කානු පද්ධතියේ බෝ වී ඇති මදුරු කීටයින් මෙසේ ඡායාරූප ගතකරගෙන ඇත්තේ පුවත්පතක තම මිතුරකුට එම ප්‍රවෘත්තිය ලබාදීමේ අරමුණෙන්ය. උසාවි සංකීර්ණය ඉදිරිපිට මාර්ගයහි කාණුව ඡායාරූප ගත කරන තරුණයා දුටු අසළ පොලිස් මුර පොළෙහි රාජකාරී කටයුතු කරමින් සිටි පොලිස් නිලධාරියකු පැමිණ ජංගම දුරකතනය ඔහු බාරයට ගෙන තිදෙනාම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන ගියේය. වැඩිදුර පරීක්ෂණ කටයුතු නිමවන තුරු පොලිස් සිර මැදිරියෙහි පැය පහකට අධික කාලයක් ගෙවීමට මිතුරන්ට සිදු වූ අතර මේ අකරතැබ්බය දැනගත් හෝටලයේ සේවය කළ තවත් මිතුරකු තම සගයන් බැලීමට පොලිස් ස්ථානය වෙත ආවේය. තම මිතුරන් තිදෙනා පොලිස් කූඩුවේ සිටිනු දකින ඔහු මහ හඬින් සිනාසී හෝටලයේ අනෙක් අයට පෙන්වීම සඳහා තම ජංගම දුරකතනයෙන් ඔවුන්ව ඡායාරූප ගත කළේය. මෙම සිද්ධිය දුටු පොලිස් නිලධාරියකු “ෆොටෝ ගහන්න මුන්ට තැනක් නොතැනක් නැහැ” යනුවෙන් පවසා ඔහුවද සිර මැදිරියට දැම්මේය. පසුව තවත් පැය පහක පමණ කාලයක් පොලිස් සිර මැදිරියෙහි සිටීමට මිතුරන් තිදෙනාට සිදු වූ අතර පසුව පැමිණි මිතුරාට පොලිසියෙන් පිටව යාමට හැකි වූයේ පසුදා උදෑසනය.



අදහස් (6)

කානුවක් පොටෝ අරන් පැය 5 ක් කූඩුවේ

sampath Wednesday, 04 September 2019 10:40 AM

තැන නොතැන නොබලා වැඩ කිරීමේ විපාක මේ අධිකරණ භූමියක් හෝ පොලිස් සිර මැදිරියක් අනවසරයෙන් ඡායාරූප ගත කරන්න බෑ...

:       108       38

KumarThursday, 05 September 2019 02:00 AM

එවැනි තහනමක් තිබෙනවා නම් එම මොහොතේම "නඩුකර හාමුදුරවෝ" ඉදිරිපිටට ගෙනෙන්න තිබුණනේ. ලංකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය" කියන්නේ ඕකටද?

:       0       32

rim Wednesday, 04 September 2019 12:47 PM

ඔච්චරටම පොලිසිය නීත්‍යානුකූලද? ඔවුන්ව පරීක්ෂා කරලා කටඋත්තරයක් අරගෙන යවන්න තිබුණා. එ්කට මෙච්චර කාලයක් පොලිසියේ...

:       127       316

raajun Thursday, 05 September 2019 06:57 AM

කාණුවක් පොටෝ ගන්න එක ලංකාවේ මේ තරම් වරදක්ද?

:       0       5

Nandalal DE SILVA - FranceSunday, 08 September 2019 08:00 AM

ඕකට තමා කියන්නේ..."ගොනා කාණුවේ" කියලා !!!

:       0       0

nihal Friday, 06 September 2019 01:02 AM

රීම් ...හරි ..පරීක්ෂ...කරලා කටඋත්තර හා හැදුනුම් පත් විස්තර අරන් යවන්නේ නැතිව ....මහජනයාගේ වටිනා කාලය අපතේ යවනා මෝඩ පොලිසිය

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site