IMG-LOGO

කොන්දෙ ලෙඩේට බයිසිකලයට බේතක් දීලා

ඔහු මාතරට නුදුරු ප‍්‍රදේශයක පදිංචි බැංකු ක්ෂේත‍්‍ර නිලධාරියෙකි. ඔහුට කොන්දේ අමාරුවක් සෑදී පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තද අසනීපය සුව වුණේ නැත.
යළිත් වෛද්‍යවරයා කරා ගොස් බෙහෙත් රැුගෙන එන අවස්ථාවේ වෛද්‍යවරයා ඔහුගෙන් විමසා ඇත්තේ කරන රස්සාව මොකක්ද කියාය.
ඔහු පවසා ඇත්තේ ‘මම බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියෙක්. මම කරන්නෙ යතුරු පැදියකින් ගොස් මුදල් එකතු කරන’ බවය. පසුව වෛද්‍යවරයාට කාරණා පැහැදී පවසා ඇත්තේ ‘මේ බෙහෙත් ටික ඉවර වෙනකම් බොන්න. ආයෙත් කොන්දෙ අමාරුවක් හැදෙන එකක් නැහැ. බයිසිකලයේ පිටුපස ෂොකැබ් ෂෝබර් දෙකත් මාරු කරගන්න.’ ඒ වෛද්‍ය උපදේශය අනුව ඔහු ගෙදර ගොස් නැවත ගරාජයකට පැමිණ පසුපස ෂොකැබ් ෂෝබර් දෙක අලූතින් දමා ගත්තේය. වෛද්‍යවරයා කියූ ආකාරයටම යළිත් කොන්දෙ අමාරුව හැදුණේ නැත.



අදහස් (0)

කොන්දෙ ලෙඩේට බයිසිකලයට බේතක් දීලා

රුවන් Monday, 18 August 2014 05:55 AM

දොස්තර මහතා රෝග නිධානයටම බෙහෙත් කරලා.දක්ෂ පළපුරුදු දොස්තර මහතෙක් (දිල්)

:       0       0

ඉසුරන්දි Monday, 18 August 2014 07:42 AM

කාටත් මේ තුළින් හොඳ ආදර්ශයක් ගතහැකියි (නි)

:       0       0

ශශිකලා Monday, 18 August 2014 11:01 PM

අනේ සමන්ති, කෑ නොගහා ඉන්න (නි)

:       0       0

සෑම් Monday, 18 August 2014 07:52 AM

මට හිතෙන්නේ බයිසිකලට විතරක් ප්‍රතිකාර කළා නම් ඇති. අපරාදේ බෙහෙත් බිව්වේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 August 2014 11:10 PM

තමන්ගේ වාහනේ තත්ත්වයවත් තේරුම් ගන්න බැරිද මන්දා? (නි)

:       0       0

අජිත් Tuesday, 19 August 2014 11:33 AM

හරියට හරි සමන්ති. පාවිච්චි කරන භාණ්ඩ වලට හොඳට ප්‍රථිකාර කරන්න ඕනෑ තමා. (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Monday, 18 August 2014 09:54 AM

දොස්තර ගේ හැකියාව ගමපුරා පැතිරගිහින්.බෙහෙත් සාප්පුව අසලම මෝටර් සයිකල් සාප්පුවකුත් දාගත්තානම් දොස්තරට හොඳ තල්ලුවම තමා ! (අ)

:       0       0

නුවන් Monday, 18 August 2014 10:45 AM

ගාමිණී- සිරිවර්දන, මොළයට බෙහෙත් ගත්තොත් නරකද? (නි)

:       0       0

නදීෂා Wednesday, 20 August 2014 05:33 PM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

සෙනරත් Tuesday, 19 August 2014 03:34 AM

අද හුඟක් දොස්තරලාගෙන් නොවෙන්නෙත් මේ ටිකම තමා. නියම දොස්තර මහත්තයෙක්. සමහර දොස්තරලා දැනගත්තත් එහෙම කරන්නේ නැහැ. ඒ වගේම වයසක එහෙම නැත්නම් දුප්පත් ලෙඩුන්ට නොමිලේම බෙහෙත් දෙන දොස්තර මහත්වරුත් ඉදලා හිටලා ඉන්නවා. (නි)

:       0       0

සරත් Sunday, 07 September 2014 02:45 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සමන්ති Monday, 18 August 2014 03:05 PM

ශරීරයට මෙන්ම පාවිච්චි කරන භාණ්ඩ වලටද දිනපතා ප්‍රතිකාර කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site