IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කොන්දේ අමාරුවට තුවාල බෙහෙත් ගාලා

රජයේ රෝහල්වල පස්වරු හය දක්වා රෝගීන් පරීක්‍ෂා කරනු ලබන අතර දිනක් රෝගියෙක් තම කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර ගැනීම සඳහා සතියේ දිනක සවස පහයි තිහට පමණ රෝහලට ගියේය.
නම හා වයස පවසා තුණ්ඩුවක් ලබාගත් ඔහු රෝගීන් පරීක්‍ෂා කරන ස්ථානයට ගියවිට රෝගීන් කිසිවකුත් දක්නට නොලැබුණි. සාත්තු සේවිකාවක් රෝගියාට වෛද්‍යවරුන් සිටිනා කාමරය පෙන්නුවාය. කාමරය තුළට පිවිසි රෝගියාට මේස දෙකක වාඩිවි සිටි වෛද්‍යවරියන් දෙදෙනකු අල්ලාප සල්ලාපයේ යේදී සිටිනු දක්නට ලැබුණි.
වෙනත් රෝගීන් නොමැති නිසා තම අසනීපයත් බාධාවකින් තොරව පැවසිය හැකි යැයි සිතමින් රෝගියා සතුටට පත්විය. වෛද්‍යවරියක් වාඩිවෙන්න යැයි අතින් සංඥා කළවිට ඔහු වාඩි වු අතර මොකක්ද අමාරුව වෛද්‍යවරිය ඇසුවාය. නෝනා මගේ කොන්ද කකියනවා යැයි පැවසු රෝගියා තම කොන්ද පෙන්නුවත් වෛද්‍යවරිය බෙහෙත් ලියා අවසන්කර තිබුණි. තුවාලෙටත් බෙහෙත් දාගන්න වෛද්‍යවරිය පැවසුවාය. මොන තුවාලෙටද? රෝගියා විමතියෙන් ඇසූ අතර ඔය අතේ තියෙන්නේ වෛද්‍ය වරිය කුඩා ප්ලාස්ටරයකින් ආවරණය කරන ලද රෝගියාගේ දකුණුත පෙන්නුවාය.
ඒක සනීප වෙච්ච එකක් යැයි පැවසූ රෝගියා බෙහෙත් තුණ්ඩුවද රැගෙන කාමරයෙන් පිටතට පැමිණියේ කලකිරුණු සිතකිනි. කොළඹට නුදුරු රෝහලකින් මෙය අසන්නට ලැබුණි.



අදහස් (0)

කොන්දේ අමාරුවට තුවාල බෙහෙත් ගාලා

සෑම් Saturday, 06 April 2013 09:48 PM

ලඟදි අරාබියේ මුස්ලිම් මිනිස්සු කාගේද කොන්දට විද්දලු එන්නතක්... ඒ අයගෙන් ඒක ඉල්ලගත්තොත් හොඳ නැත්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 07:50 AM

පය බරවායට පිටිකරට බෙහෙත් බැන්දා කියලා පැරණි කියමනක් තියෙනවා. (නි)

:       2       0

ගයාන් Wednesday, 03 April 2013 10:04 PM

ලංකාවේ දොස්තරලා ඔහොම තමයි. පඩිය විතරයි බලන්නේ. (ත)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 April 2013 12:18 PM

විනෝද සාමය වැඩ සටහනට කියපු කතා වස්තුව (ස)

:       0       0

සම්පත් Wednesday, 03 April 2013 12:22 PM

කලබලයද , නොදැනුවත් කමද (දී)

:       0       0

සනත් Thursday, 04 April 2013 12:56 PM

මම කවදාවත් රජයේ රෝහල් වලට යන්නෙම නැහැ. (නි)

:       0       0

හම්සි Wednesday, 03 April 2013 12:47 PM

මේ රටත් යන්නේ කොන්දේ අමාරුවට තුවාල බෙහෙත් දමන වැඩ තමයි.. (ස)

:       0       0

යොහාන් Wednesday, 03 April 2013 01:34 PM

මම නම් නෝනගේ මොලේට අංගොඩට ගිහින් බෙහෙත් ගන්න තුන්ඩුවක් දීලා එනවා (නි)

:       0       0

zeylanicus Thursday, 04 April 2013 02:20 PM

මොකක්ද මේකේ තියෙන වරඳ ? ඒ දොස්තර කොන්දේ අමාරුවට බෙහෙත් දීල. අතේ තුවාලයක් දැකල එක ගැනත් අහල. ඇත්තෙන්ම එහෙම අහපු එක ගැන ස්තුතිවන්ත විය යුතුයි රෝගියා කිව්දේ පමණක් නොවෙය, දොස්තර දුටු අනිත් දේ ගැනත් විමසිලි වන්තවීම ගැන . (අ)

:       0       0

කුමාරසිරි Thursday, 04 April 2013 04:39 AM

නිකන් දෙන බෙහෙත් වලටයි ප්‍රතිකාර කරන දොස්තරලාටයි අවනම්බු කරන්න හොද නැහැ (නි)

:       0       0

උෂාන් Thursday, 04 April 2013 03:33 PM

ආණ්ඩුවේ ගොඩක් දොස්තරලා ඔහොම තමයි. දොරින් ඇතුළු වෙද්දිම තුණ්ඩුව ලියලත් ඉවරයි. (නි)

:       0       0

අසාද් Wednesday, 03 April 2013 06:36 PM

මාතර හිටපු ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ කෙනෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

සරත් Thursday, 04 April 2013 09:02 AM

කොන්දේ අමාරුවක් නිසා හොදට ගියා. අභ්‍යන්තරයේ උනානම්.(නදී)

:       0       0

උපේක්ෂා Wednesday, 03 April 2013 03:18 PM

කොන්ද පන නැති දොස්තර කෙනෙක්.(නදී)

:       0       0

ජයන්ත Saturday, 06 April 2013 07:32 PM

වැඩ බැරි අය කොචර ඉන්නවද ?(නදී)

:       0       0

ජගත් Wednesday, 03 April 2013 10:25 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

හෙට්ටිගේ Saturday, 06 April 2013 07:53 PM

මෙයාලට මුල මතක නැහැ.(නදී)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 10:31 AM

ගොඩක් රජයේ දොස්තරලා ඔහොම තමයි ඉඳගන්න කොට බෙහෙත් තුණ්ඩුව ලියල ඉවරයි.. (ස)

:       0       0

කමල් Wednesday, 03 April 2013 03:39 PM

රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න අපි යන්නේ මර බයෙන්. සුළු සේවකයාගේ සිට දොස්තර මහතා දක්වාම ඉන්නේ අපිව මරාගෙන කන්න වාගේ (කණගාටුයි, හොද අය තරහ වෙන්න එපා, සුළුතරයක් වන පාපතරයන් නිසයි මෙහෙම ලිවුවේ) කවදාවත් ප්‍රෙෂර් නම් චෙක් කරගන්න එපා. බය වුණාම ප්‍රෙෂර් වැඩිවෙනවා (නි)

:       0       0

හේරත් Wednesday, 03 April 2013 09:05 PM

පවූ අනේ දොස්ටර නෝනා කොන්ද විතරක් නෙවෙයි අතේ තුවාලෙත් බලල නේ බේත දුන්නේ. ඔයා හරි නරකයි මාමී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1167 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site