වේගයෙන් ආ යතුරපැදියක් කොළඹ සිට ධාවනය ඇරඹූ පෞද්ගලික බස් රථයේ හැපුණා. එහි පැමිණි තරුණයා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළු කළේය. ඒ අතර අවටින් පැමිණි සෙනඟ දුටු බසයේ රියැදුරු වහාම පොලිසියට ගොස් සිද්ධිය දැනුම් දී බාරවිය. ඒ අනුව පොලීසිය වහාම කි‍්‍රයාත්මක වී අනතුර වු ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළේය. අනතුර සිදුකළ පෞද්ගලික බසය පාර මැද නතර කර තිබුණි. ඊට ඉදිරියේ දැඩි ලෙස හානියට පත් යතුරුපැදියක්ද බිම පෙරැළි තිබුණි. පාර මැද ලේ සලකුණු ද තිබුණි .එම ස්ථානයට විශාල පිරිසක් එක් රොක් වී සිටි අතර එහි ආ පොලිස් නිලධාරීහු පරීක්‍ෂණ ඇරඹූහ. අනතුර සිදුකළ රියැදුරු පොලිසියේ රඳවා ආ බැවින් රැස්ව සිටි අයගෙන් විස්තර විමසූ අතර එක් නිලධාරියෙක් ''කෝ මේ බස් එකේ කොන්දොස්තර” යි ප‍්‍රශ්න කළේය. සෙනඟ අතර බස් ටිකට් නිකුත් කරන මැෂිමක් හා නෝට්ටු ඇඟිලි අතර රඳවා සිටි තරුණ ගැටයෙක්ද සෙනඟ අතර සිටියත් පොලිස් නිලධාරින්ගේ ප‍්‍රශ්න කිරීම ඔහු ගණන් නොගෙනම සිටියේය. ''කෝ මේ කොන්දොස්තර” පොලිස් නිලධාරියා යළි විමසීය. රැස්ව සිටි පිරිස් තමන් අතර ටිකට් මැෂිම තියාගෙන සිටි තරුණ ගැටයා නිලධාරියාට පෙන්වමින් ''සර් මේ මෙතන ඉන්වායි’’ කීහ. ඔහු ළඟට ගිය පොලිස් නිලධාරියා ''තමුසේ කොන්දොස්තරද?” විමසු විට ''ඔව් සර් මම කොන්දොස්තර තමයි” කැඩුණු සිංහලෙන් පිළිතුරු දුන්නේය. එහෙම නම් නගිනවා ජිප් එකට, යි පොලිසිය කි විට බියට පත් ගැටයා ''සර් මට ,මට”යි තැනනුවේය. ඒවා හරියන්නේ නැහැ නගිනවා ජිප් එකට කට උත්තර අරන් අරින්නම්”යි කියමින් ඔහු අල්ලා ජීප් එකට දාගෙන ආ එක් නිලධාරියෙක් ඔහුව පොලිසියේ බංකුවක් මත වාඩි කරවිය. ද්‍රවිඩ ජාතික තරුණයා දැඩිලෙස බියට පත්ව නිහඬව බංකුව මත වාඩිවිය. ඒ සමඟම සෙනග පිරිණු පෞද්ගලික බසයත් පැමිණ පොලිසිය ඉදිරිපිට නතර කළේය. එහි රියැදුරු බිමට බැස පොලිසියේ ගේට්ටුව ළඟ සිටි නිලධාරියා දැනුම්වත් කර රථවාහන ඒකකයට පිවිසියේය. එහි බංකුවක් මත කලින් රැගෙන ආ කොන්දොස්තර ගැටයා වාඩිවී සිටිනු දුටු රියැදුරු නිලධාරියකු ළඟට ගොස් ‘‘සර් ....අර බංකුවේ ඉන්නේ මගේ බසයේ කොන්දොස්තර. කට උත්තරය ගන්න අරං ආවලූ. මොනවාටද සර් මිනිහගෙන් කට උත්තර ගන්නේ’’. රියැදුරු විමසූ විට පටලැවිල්ල තේරුම් ගිය අතර බංකුවේ හුන් කොන්දොස්තර ගැටයා කැඳවා ප‍්‍රශ්න කළේය. කොළඹ සිට ආ බසය අනතුර සිදුකළ තැනට ආ විට අනතුර බලන්න ගොස් සෙනඟ අතර සිටි කොන්දොස්තර වැරදීමකින් කටඋත්තර ගැනිමට රැගෙන විත් තිබූ බව මෙහිදී හෙළිවිය. ටිකට් මැෂිම හා නෝට්ටු අතේ තිබු නිසා කවුරුත් ඔහු අනතුර සිදුකළ බසයේ කොන්දොස්තර යැයි හිතා ඔහු පොලිසියට යොමුකිරිම නිසා මෙම පැටලැවිල්ල වි ඇති බව වැටහුණි. වු ප‍්‍රමාද දෝෂය තේරුම් ගත් පසු පොලිසිය ඔහු මුදා හැර ඇත.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොන්දොස්තර මාරුවෙලා පොලිසියට පටලැවිල්ලක්