(මනෝජ් හර්ෂක)
අංක 101 බස් මාර්ගයේ කොටුව සිට මොරටුව බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකි. සතියේ දිනයක් හේතුවෙන් එම බස් රථයේ මගීන්ගෙන් නම් අඩුවක් නොවීය. කොටුව දුම්රිය ස්ථානයේ සිට මගියෙක් දුවවිත් බස් රථයට ගොඩවුණේ ඉක්මනින්ම තම කාර්යාලයට යාමේ අරමුණෙනි.
ඉතාමත් අපහසුවෙන් බස් රථය තුළට නැග ඇතුළට රිංගා ගත් මගියාවෙත පැමිණි බසයේ කොන්දොස්තරවරයා ටිකට්පතක් ලබා ගන්නා ලෙස කීවේය. කොළඹ කොටුවේ සිට කොල්ලුපිටියට ටිකට් පතක් ලබා දෙන්න යැයි ඉල්ලමින් රුපියල් 12.00 ක මුදලක් කොන්දොස්තරවරයා අත තැබුවේ නියමිත රුපියල් 13.00 ක ගාස්තුව දීමට රුපියලක් නොවූ නිසාය.
රුපියලක් අඩු බව දැන ගත් කොන්දොස්තරවරයා ඉතා ආවේගශීලීව මගියාගෙන් රුපියලක් ලබා දෙන්නැයි කීවේය. මගියාට දීමට රුපියලක මුදලක් නොවූ හෙයින් ඔහු රුපියල් දෙකක මුදලක් ලබා දුන්නේ ආපසු ඉතිරි රුපියල තමාට ලබාදේවි යැයි සිතාය.
නියමිත බස් නැවතුමෙන් මගියා බැස යාමට සැරසෙන විට ඉතිරි රුපියල පිළිබඳව මගියා කොන්දොස්තරවරයාට උස් හඬින් සිහිපත් කළේය. එවිට ඔහු කියා සිටියේ ඉතිරි රුපියලක් ඉල්ලන්න ලැජ්ජා නැද්ද මහත්තයෝ යනුවෙනි.
මෙය බස් ගාස්තු සංශෝධන වීමට පෙර සිදුවූවකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොන්දොස්තර මගියාට ලජ්ජාව උගන්වලා
Bamunuarachchi Sunday, 03 June 2018 08:07 AM
හැබැයි 174 මාර්ගයේ ඉන්න කොන්දොස්තරවරු ඔහොම කරන්නේ වත් කියන්නේ වත් නැත. රුපියලකට ඔවුන් බාල්දු වන්නේ වත් අපිව බාල්දු කරන්නේ නැතිබවත් කිවයුතුය