IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොන්දොස්තරගේ වැඬේ හිඟන්නා බාරගෙන

(දූනගහ බටේපොළ විජයසිරි)
දිවුලපිටිය දෙස සිට කොළඹ බලා දිවෙන බසයකට ජාඇල නගරයෙන් සම්මාදම් එකතු කරන්නෙක් ගොඩ වුණේය. බැලූ බැල්මට පනහ පැනලාය.


මම කාටවත් අනුන්ට අත පාපු කොල්ලෙක් නොවේ. අසවල් ආයතනයේ පිළිගැනීමේ ලිපිකරුවා මමයි. මගේ දෙවැනි දරුවාගේ කනේ සැත්කමකට ලක්ෂ 10 ක් අවශ්‍ය වෙනවා. මට හිඟාකාලා පුරුදු නැහැ. දරුවගෙ සැත්කමට මුදල් හොයා ගන්න අවශ්‍ය නිසයි බස් එකට ගොඩවුණේ. කවුරුවත් අහක බලන්න එපා. මගේ දෙවැනි පුතාට ආධාර කරන්න.


එසේ කී තරුණයා බසයේ ඉදිරි අසුනේ සිට සියලු දෙනාටම තුණ්ඩුවක් බෙදාගෙන ගියේය. ඒ අතරේ බස් නැවතුමකින් තරුණියන් දෙදෙනෙක් බසයට නැගී හිස් අසුනක වාඩි වූහ.


බසයේ තුන්ඩු බෙදූ තරුණයා පිටුපස සිට මුදල් දෙන අයගෙන් මුදල් එකතු කොටගෙන ඉදිරියට එමින් සිටියේය.


අලුතෙන් බසයට ගොඩවූ තරුණියන් දෙදෙනාට ඔහු අත දිගු කළේය.


ඔවුන් දෙදෙනා රුපියල් හැටක් ඔහු අත තබා කුමක්දෝ සෙමින් කීහ.


මඳ වේලාවකින් සල්ලි එකතු කරගත් සම්මාදම් කාර තරුණයා බසයෙන් බැස ගියේය.


බසයේ කොන්දොස්තර ටිකට්ස් කියමින් තරුණියන් දෙදෙනා සිටි අසුන අසලට පැමිණියේය.


“සල්ලි ගන්න”
තරුණියෝ වට පිට බැලූහ
“අපි සල්ලි දුන්නනෙ
කාටද”


අර සල්ලි එකතු කරපු කෙනාට සල්ලි දුන්නෙ. එයා ටිකට් දුන්නෙ නෑ. අපි මහබාගෙ බහින්නෙ.


එයාට සල්ලි දීලා කොහොමද මමනේ සල්ලි එකතු කරන්නෙ. මමනේ කොන්දොස්තර.


අපි දන්නෙ කොහොමද එහෙනම් ඔයා ඉස්සෙල්ලා අපෙන් සල්ලි ගන්න එපායැ.


මේ අතරේ බසයේ මගිීන් කියා සිටියේ බසයට සම්මාදම් කාරයන් ගන්න එපා යනුවෙනි. තරුණියන්ට වැරදීමක් සිදුවූ බව ද කවුරුත් පිළිගත්හ.


කතාව අතරේ බසය මහබාගේට ළඟාවී තරුණියෝ බසයෙන් බැස ගත්හ.



අදහස් (0)

කොන්දොස්තරගේ වැඬේ හිඟන්නා බාරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site