IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කන්තෝරු නෝනාගේ මිස් කෝල් එකට ගේ ඇතුළේ අලි වලියක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා) 
කොරෝනා ආසාදිතයකුට රජයෙන් දෙන රුපියල් 5,000 බඩු මල්ල දීමට ඔහු සිටින ස්ථානය දැනගැනීමට ඊට අදාළ කාර්යාලයේ නිලධාරිනියක සිය ජංගම දුරකතනයෙන් ගසන ලද මිස් කෝල්වලින් දෙන්නා දෙමහල්ලන් අතර ලොකු ගැටුමක් වූ පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ. 


කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඔහු නිවෙසට පැමිණියේ නොබෝදාය. එසේ නිවෙසේ සිටින ඔහුගේ ජංගම දුරකතනයට මිස් කෝල් කිහිපයක් පැමිණියේ ඔහු නාන කාමරයේ සිටින විටදීය. 


සිය සැමියාගේ ජංගම දුරකතනයට පැමිණි මිස් කෝල් පිළිබඳව භාර්යාව සැක කළේ ඔහු සමග සහේට ගිය දා පටන්ම පටන්ගත් සැකයට අනුවය. ඔහුගේ තරම ඇය දැන සිටීම එයට තවත් විශේෂ හේතුවක් වූවාය. රෝහලේදී ඔහු ගැහැනු පරාණයක් සමග අනිවාර්යයෙන්ම මොකක් හෝ පටලැවිල්ලක් ඇති කරගන්නට ඇතැයි ඇය සිතුවාය. මීට පෙර ද ඔහුගේ මෙවැනි පෙර වැරැදි තිබීම එයට හොඳම නිදසුනය.


ඒ දෙන්නා දෙමහල්ලෝ හොඳ රණ්ඩුවක් පටලා ගත්හ. ඔහු රෝහල්ගතව ඉන්නා විටදී අඩුම තරමේ රෝහලේ සනීපාරක්ෂක සේවිකාවකවත් දැලේ දමාගන්නට ඇතැයි ඇය සැක කළාය. තමාගේ නිරවද්‍යතාව පිළිබඳව ඔහු කොතෙකුත් දේ කීවත් ඇය එය තුට්ටුවකට මායිම් නොකරම රණ්ඩු කළාය. ඒ අස්සේම නැවතත් ඔහුගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් පැමිණියේ භාර්යාව ඔහුගේ ජංගම දුරකතනය පොළොවේ දමා ගැසීමට සූදානම් වූ අවස්ථාවේදීය. කෝකටත් මිස් කෝල් ගහන්නේ මොන ගැහැනිය දැයි යන්න වංහුන් සෙවීමට තීරණය කළ ඇය පැමිණි මිස් කෝල් එකට ඇමතුමක් ලබාගත්තාය.


තමාගේ සැකය සාධාරණ යැයි ඇය සිතුවේ එයට සම්බන්ධ වූයේ කාන්තාවක වීම නිසාය. ලද බොළඳ බසින් සිය සැමියා නිවෙසේ ඉන්නවා දැයි ඒ කාන්තාව ඇසීමත් සමගම භාර්යාවගේ සර්වාංගයම කේන්තියෙන් වෙව්ලුවාය. ‘මොන එහෙකට ද ඕයි මගේ මිනිහා ගෙදර ඉන්නවා දැයි අහන්නේ’ යි ඇය ඒ කේන්තියත් සමගම ඇසුවේ ඇස්වලින් පුපුරන අග්නි ජාලාවෙන් සිය සැමියා දවාලමින්ය. 


‘මම අසවල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනිය. ඔයාගේ මහත්තයාට කොරෝනා ආසාදනය වීම නිසා රජයෙන් ලබාදෙන රුපියල් පන්දහසේ බඩු මල්ල ලබාදෙන්නයි විමසුවේ. කරුණාකරලා මට ඉන්න තැන කියන්න ඒක ලබාදෙන්නයි විමසුවේ’ එහා පැත්තෙන් අර කාන්තාව කී විට ඔහුගේ භාර්යාව ලජ්ජාවෙන් ඇඹරුණේ අනේ මේ නෝනාගේ මිස්ට කෝල් ගැහිල්ලෙන් වෙන්න ගිය විනාශය ගැන සිත සිතාය. 

 



අදහස් (0)

කන්තෝරු නෝනාගේ මිස් කෝල් එකට ගේ ඇතුළේ අලි වලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site