මොරගොල්ලාගම සිසිර කැලේගම
අනියම් ඇසුරක පැටලුණු විවාහක දෙදරු මවකට සිය සැමියාත්, අලුතින් මිලදී ගත් මෝටර් රථයත් අහිමි වීමේ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ජීවත් වීමේ අරගලයට මුහුණ දීමට නොහැකි තැන සැමියා බිරියට තම දරු දෙදෙනා බාර දී විදෙස් ගත වූයේය. ඔහු එරට වසර ගණනාවක් තිස්සේ ගතකර ඉපැයූ මුදල බිරියට එව්වේ දරුවන්ගේ අනාගත උන්නතිය වෙනුවෙනි.
එම මුදලින් ඇය මෝටර් රථයක් අලුතින්ම අත් පිට මුදලට මිලදී ගත්තාය. එහි සියලු ලියකියවිලි ඇගේ නමට තිබුණි.
විදෙස් ගත සැමියා මෙරටට පැමිණියේය. ඒ අතරේ බිරිය විදෙස්ගත වූවාය.
වසර ගණනාවක් විදෙස්ගතව සිට පැමිණි ඇය දිනක් මැදියම් රැයේ සැමියා නිවසේ නොමැති අතරේ අනියම් සැමියා කැටුව එහි පැමිණියේය.
නිවසේ තිබූ මෝටර් රථය, ලියකියවිලි සියල්ලද ගෙන වැඩිමල් දියණිය ද කැටුව ඔවුහු නික්ම ගියහ.
විදෙස්ගතව සිට ආ බිරිය අනියම් පෙමක පැටලී ඇති බවත් එයට තම දියණිය අනුබල දී ඇති බවත් සැමියා වටහා ගත්තේය.
දින කිහිපයකට පසු විවාහක සැමියාට වයඹ පුරවරයට අයත් පොලිස් ස්ථානයකට පැමිණෙන ලෙසට පොලිස් පණිවුඩයක් ලැබුණි. ඔහු තම පුතු ද කැටුව එහි ගියේය.
ඒ වන විටත් ඇය මෝටර් රථය ඇය අනියම් සැමියාට නීත්‍යානුකූලව පවරා තිබිණි. ඇය විවාහක සැමියාට හා පුතුට සමු දුන්නාය. ඇය නව සැමියා හා එක්ව නව යුග දිවියට යාමට සූදානම්ය. තම දියණියත් පියා ප්‍රතික්ෂේප කළාය. පියා හා පුතු ඒ සියල්ල දෙස බලා සිටියදී ඔවුහු මෝටර් රථයෙන්ම නැගී නික්ම ගියහ.
ගත වූයේ ටික දිනකි. අනියම් සැමියා බිරිය හා එම දියණිය නිවසින් පන්නා දමා ඇත. මෝටර් රථය ඔහුගේ නමට පවරා ගන්නා තෙක් ඔහු වහසි බස් දොඩා ඇති බව ඇය වටහා ගත්තාය.
අවසානයේ බිරිය යළි විදෙස් ගත වූවාය. තරුණ දියණියට පියා වෙසෙන නිවසට යාමට ද නොහැකි බැවින් ඇය පිටස්තර බෝඩිමක සිට රැකියාවක නියැළෙන බව ආරංචි වේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කත හොරා කන්න ගිහින් වාහනෙත් නැති කරගෙන