IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතාවට ​ෙබ්‍ර්ක් නැති කත අමුත්තාට​ දෙන්න ගෙනා වතුර වීදුරුවත් බීලා

දකුණු පළාතේ සුන්දර  ගම්මානයක ජීවත්වන කාන්තාවකට වැඩි කතාව නිසා සිදු වු අපුරු සිදුවීමකි.
ඇය ඉතාමත් ප්‍රියමනාප කා සමගත් සුහදව කතා කරන දරුවන් සිව් දෙනෙකුගේ මවකි.කතාවට ගිය විට එය  රස කරමින් කියවීමේදී අනෙකුත් සියලුම දෑ අමතක වීමේ අඩුපාඩුවක් ඇයට ඇත.මේ හේතුව නිසා දොඩමළුවන විට තමන් සිටින ස්ථානය  පිළිබඳව අමතකවීමෙන් දැඩි අපහසුතාවට පත්වුවද නැවතත් කවුරුන් සමඟ හෝ  කතාවට ගිය විට කලින් සිදු වු සියල්ල අමතක වේ.ඇයගේ සැමියා  මෙන්ම දරුවන්ද මේ ගැන බොහෝ අවස්ථාවල චෝදනා කළද වෙනසක් සිදුවුයේ නැත.
දිනක් දුර බැහැරක ගොස් නැවත පැමිණෙමින් සිටි  ගමේ තරුණපිරිසක්  එම නිවසට ගොඩවුයේ ගමන් මහන්සිය මඳක් නිවාගැනීමේ අරමුණෙනි.ඔවුන් දුටු නිවසේ කාන්තාව  ඉතා සුහදශීලී ලෙස ඔවුන් පිළිගෙන හිඳ ගැනීමට  සලස්වා තොරතුරු විමසන්නට  වුවාය. ඇයගේ තොරතෝංචියත්  නැති කථාව අවසන් නොවන බව වැටහීගිය බැවින් බොහෝ පිපාසිතව සිටි එක් තරුණයකු වතුර වීදුරුවක් දෙන ලෙස  ඉල්ලා සිටියේය.
 එම පිරිස නිවසට පැමිණ බොහෝ  වේලාවක් ගත වුවද තමන් ඔවුන්ට  බීමට යමක් නොදුන් බව ඇයට එම අවස්ථාවේ සිහිපත් විය. එහෙත් පළමුව වතුර වීදුරුවක් දීමට සිතා ගෙතුළට ගොස් එය රැගෙන පැමිණියේ  තමන්  කරමින් සිටි කතාවේ ඉතිරි කොටස ඈත සිටම කියා ගෙනය. 


ඉන් පසු ඔවුන් ඉදිරියට පැමිණි ඇය කතා කරමින්ම තමන් රැගෙන ආ වතුර වීදුරුව බොන්නට වුවාය. ඉන් ඉමහත් පුදුමයට පත් වු තරුණයෝ පිරිස ඇය දෙස විමතියෙන් බලා සිටින්නට වූහ. මොහොතකින් පියවි සිහියට පැමිණි කාන්තාව තමාගේ ඉවරයක් නැති  කථාව නිසා පිරිස ඉදිරියේ සිදු වු අතපසුවීම පිළිබඳව බලවත් ලජ්ජාවට පත්වුවාය. 
ඔවුන්ගෙන් සමාව අයැද සිටි  ඇය ඉක්මනින් නිවස තුළට ගොස් සියලු දෙනාටම පලතුරු බීමක් පිරිනැමුවේ නැවත මෙලෙස අනවශ්‍ය ලෙස කතා නොකරන බවට තරයේ අදිටන් කර ගනිමිනි. එහෙත් ගමේ කා අතරත් මෙම සිදුවීම පැතිර යන්නට ගත වුයේ කෙටි කාලයකි.

කඹුරුපි්ටිය   විශේෂ කේ. අජිත්



අදහස් (0)

කතාවට ​ෙබ්‍ර්ක් නැති කත අමුත්තාට​ දෙන්න ගෙනා වතුර වීදුරුවත් බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site