IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොත්තුවක් කා තොත්තුවක් දී අම්බානක ගුටි කාලා

සිල්ලර වෙළෙඳසැලක් පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට සිදුවිය.


එය වෙනත් ව්‍යාපාරික කටයුත්තක් සඳහා කුලියට දීමට වෙළෙඳසැල් හිමියා බලාපොරොත්තුව සිටින අතරවාරයේ කොත්තු රොටී පිළියෙල කර අලෙවි කරන්නෙක් එම වෙළෙඳසැල කුලියට ගැනීමට ඉදිරිපත් විය.


සුභ නැකතක් බලා වෙළෙඳසැල විවෘත කෙරුණු අතර එහි ඉදිරිපිට නාම පුවරුවක් ද සවි කෙරුණි.


“කොත්තුවක් කමු - තුට්ටුවක් දෙමු” යනුවෙන් නාම පුවරුවේ සඳහන් කර තිබුණේ අඩු මිලට කොත්තු අලෙවි කරන බව හැඟවීමටය.


වෙළෙඳසැල කුලියට ගත් පුද්ගලයා කොත්තු පිළියෙල කිරීම සිදු කළ අතර මුදල් ගනුදෙනු බාරව සිටියේ ඔහුගේ තරුණ බිරියය.


නාම පුවරුව සවි කිරීමෙන් පසු කොත්තු කෑමට පැමිණෙන පිරිස එකා දෙන්නා වැඩිවෙන්නට පටන් ගත්තේය.


දින කීපයක් ගත වූ පසු කොත්තු කෑමට පැමිණ සිටි පිරිස අතරේ වෙරිමත් වූ තරුණයෙක් ද විය. ඔහු මේසයක් මත කොත්තුවක් තබාගෙන පුටුවක වාඩි වී හනික එය කන්නට පටන් ගත්තේය.


කොත්තු කෑම අවසන් වීමත් සමගම හනික කැෂියර් කූඩුව වෙත ගිය වෙරිමත් වූ තරුණයා එහි සිටි කාන්තාවගේ මුහුණට තම මුහුණ ළං කර හාදුවක් දුන්නේය.


එයින් ලැජ්ජාවට හා කෝපයට පත් වූ කාන්තාව මහ හයියෙන් තම සැමියාට කෑ ගසා ඒ බව පැවසූවාය. කෝපයට පත් සැමියා වහාම එතැනට පැමිණ තරුණයාට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය.


“මොකද යකෝ තෝ මට ගහන්නේ? ගිහින් බලාපිය අරහෙ බෝඞ් එකේ මොනවද ලියලා තියෙන්නෙ කියලා” වෙරිමත් වූ තරුණයා කෑගසන්නට විය.


ඒ ඇසූ කොත්තු පිළියෙල කරන්නා වහාම ගොස් නාම පුවරුව දෙස බැලීය. එහි සඳහන්ව තිබූ “තුට්ටුවක්” යන වචනය වැසී යන සේ “තොත්තුවක්” යනුවෙන් ලියූ කඩදාසි කැබැල්ලක් අලවා තිබුණු අයුරු දුටුවේය.


ඒ අනුව නාමපුවරුවෙන් කියැවුණේ “කොත්තුවක් කමු - තොත්තුවක් දෙමු” යනුවෙනි.

(වත්තල විශේෂ හෙන්රි නිමල් පෙරේරා)



අදහස් (0)

කොත්තුවක් කා තොත්තුවක් දී අම්බානක ගුටි කාලා

ලාල් Tuesday, 27 September 2016 06:09 PM

කොහෙද තියෙන්නේ ඒ කඩේ? බෝඩ් ලෑල්ල එහෙමම තියෙනවද? කැෂියර් මාරු කරලා නැහැ නේද? (නි)

:       0       0

පියසිරි Wednesday, 28 September 2016 02:04 AM

තොත්තු දෙන්න ගොහින් පත්තු බඳින්න වුණේ නැතෙයි? (නි)

:       0       0

ගුණවර්ධන Friday, 23 September 2016 07:12 PM

කොත්තු කෑවා ,ගුටිත් කෑවා. දැන් මට සනීපයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 September 2016 08:51 AM

අනේ ඉක්මනට ලිපිනය පළකරන්න මේ කඩේ. දුවලා ගිහින් කොත්තුවක් කන්න (නි)

:       0       0

සුජීව Thursday, 22 September 2016 01:06 PM

පිස්සු නැත්නම් ෂෝක් (නි)

:       0       0

මාලක Sunday, 25 September 2016 02:21 PM

නියම කතාවක් (නි)

:       0       0

ලලිත් Friday, 23 September 2016 03:04 AM

රසවත් කථාවක්. අහන්න අහන්න ආසයි. (නි)

:       0       0

සරත් Thursday, 22 September 2016 08:50 AM

ඇති ඔයින් ගියා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site