IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කතකට තට්ටු දමා අම්බානක ගුටි කාලා

තමාගෙන් බඩු මිලදී නොගත්තැයි උරණ වී කාන්තාවකගේ නිතඹ මිරිකූ බව කියන සති පොළ වෙළෙන්දෙකුට එම සති පොළේම වෙළෙඳුන් පිරිසක් එක්ව හොඳ ගුටි බැට සංග්‍රහයක් පැවැත්වූ බව කියවෙන පුවතක් ප්‍රදේශයේ සති පොළකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු ඌව පළාතේ ප්‍රධාන සති පොළ කීපයකටම ගොස් එළවළු වෙළඳාමේ නිරත මැදිවියේ පුද්ගලයෙකි.

එසේම තම පාරිභෝගික කාන්තාවන්ට උකුළු මුකුළු පාමින් ඔවුන් දැලේ දමා ගන්නටද රුසියෙකි. පසුගිය දිනෙක ඔහු වෙත පැමිණි කාන්තාවක් එළවළු කීපයක මිල අසා ඒවා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරමින් එතැනින් පිටව යාමට සැරසුණේ ඔහුගේ එළවළු මිල තරමක් වැඩි යැයි පවසමිනි. කාන්තාවගේ මෙම ක්‍රියාවෙන් තරමක් නොසතුටට පත් හෙතෙම එළවළු ගොඩින් මෑත්වී තමන්ට පිටුපා යන කාන්තාවගේ නිතඹට තට්ටුවක් දමා පැවසුවේ “එන්න අඩු කරලා දෙන්නම්” යනුවෙන්ද පවසමිනි.

සති පොළේ දෙනෝදහක් ඉදිරියේ සිදුවූ මෙම නොමනා ක්‍රියාවෙන් දැඩි අපහසුතාවටත් ලැජ්ජාවටත් පත් කාන්තාව “ මොකක්ද ................... කළේ යැයි පවසමින්” අතේ තිබූ බෑගයෙන් වෙළෙන්දාට පහර දෙන්නට වූයේ මුළු සති පොළේම අවධානය ඈ වෙත යොමු කරවා ගනිමිනි. සිද්ධිය ගැන අවධානයෙන් සිටි සති පොළේම වෙළෙන්දන් කීප දෙනෙකු මෙන්ම එහි සිටි තරුණයින් කීප දෙනෙකුද කාන්තාව හා එක් වී අත පය විසිකරමින් වෙළෙන්දාට පහර කීපයක් එල්ල කළේ යළිත් එවැනි අමන වැඩ නොකරන්නට අමතක නොවන පාඩමක් උගන්වමිනි.

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

කතකට තට්ටු දමා අම්බානක ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site