IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කතකගේ පෙම පතා හරකකුගේ වෙස් අරන්

ඇය, එම ගමේ කුඩා නිවෙසක් තනාගෙන ගොවිතැනක් කරගෙන තම දරු දෙදෙනා ද සමග නම්බුකාර ලෙස ජීවත් වූ වැන්දඹු කාන්තාවකි. ඔහු මතට මෙන්ම සල්ලාලකමට ද ලොල් වූ අසල ගමක මැදිවියේ පුද්ගලයෙකි. විවාහක තිදරු පියෙකි. 


පසුගිය දිනෙක මහමගදී මුණ ගැසුණු ඇයගෙන් හෙතෙම ආදරය ඉල්ලුවේ තනිකඩව සිටින ඇයට පිහිටක් වන බව ද පවසමිනි. සිනහවකින් එය එකහෙළා ප්‍රතික්ෂේප කළ ඇය ඔහු මග හැර ගියේ තමා ගතකරන නම්බුකාර ජීවිතය එම පිහිටට වඩා වටිනා බව ඔහුට පවසමිනි.


පිළිතුරින් පසුබට නොවූ හෙතෙම එදින රාත්‍රියේම ඇය හමුවීමට අපූරු උපායක් යෙදවූවේය.


මැදියම් රැය ආසන්න වෙද්දී ඔහු ගවයින්ගේ කර බඳින සොකඩයක් (සොකඩය යනු ගවයන් යන එන තැන් දැන ගැනීම සඳහා ලීයෙන් තනා හරකුන්ගේ කර බඳින උපකරණයකි.) සොලවමින් ගේ වටා ගමන් කළේ ඇයගේ වත්තට හරක් රංචුවක් පැමිණ ඇති බව ඇයට ඒත්තු ගන්වමිනි.


මොහොතක් ගතවෙද්දී ඔහුගේ උපාය ටක්කෙටම හරි ගියේය.


“අදත් මේ හරක් කොටි ඇවිල්ලා. මගේ මඤ්ඤොක්කා ගස් ටික ඉවරයි.” කියමින් කුප්පි ලාම්පුවක් ද රැගෙන ඇය නිවෙසින් එළියට පැන්නේ හරක් රංචුව පන්නා දැමීමේ අදහසිනි.


එහෙත් සොකඩය සොලවමින් සිටි දහවල් හමුවූ ගමේ අයියා දකිද්දී ඇයට කාරණාව තේරුම් ගියාය. ඇය කරුවලේම කෑ ගසමින් නිවෙසට පැන දොර වසා ගත්තේ සිදුවන්නට ගිය අවමානයකින් ජීවිතය බේරා ගනිමිනි.


පසුදින සිද්ධිය කටින් කට පැතිර යද්දී ඔහු ගමින් අතුරුදන් වී තිබිණි. දැන් අගනුවර ප්‍රදේශයේ වැඩපළක කොන්ක්‍රීට් අනන බව ගම්මු පවසති.

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

කතකගේ පෙම පතා හරකකුගේ වෙස් අරන්

පිටබැද්දර ජයා Friday, 10 February 2017 06:21 AM

මින්සුන්ට අහුවුණා නම් සොකඩ නොවෙයි සොකරි බලන්න තිබුනා (නි)

:       0       0

අබය Tuesday, 07 February 2017 07:24 AM

කුසගේ අවතාරය වැහිලද කොහෙද....

:       0       0

සිරිසේන Wednesday, 08 February 2017 03:47 AM

මේකට කියන්නේ ආදරේ කියල නෙවෙයි අමල්, කෑදරේ කියලා! (නි)

:       0       0

අමල් Tuesday, 07 February 2017 10:19 AM

ආදරේට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ එක තමයි. (ර)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 07 February 2017 01:43 PM

අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ජනහිත Wednesday, 08 February 2017 10:13 PM

ඔය වැඩ නගරයේ කරන්න ගියොත් නම් මොනවයින් මොනවා වෙයිද මන්දා? (නි)

:       0       0

දිමුත් Wednesday, 08 February 2017 09:21 AM

මේ වගේ අසහනකාරයෝ හැමතැනම. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site