IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කතකගෙන් අනංගයාට මතක හිටින තෑග්ගක්

හසලක සුනිල් ඒකනායක
විදේශ රැකියාවට යෑමට පෙර මතක හිටින තෑග්ගක් ලබා දෙන්නැයි අනංගයකු කළ ඉල්ලීමකට අමතක නොවන තෑග්ගක් දුන් කාන්තාවක් පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
ඇය තිස් හත් වියේ පසුවන තිදරු මවකි. එදිනෙදා සිය සැමියා උපයන ආදායම තිදෙනකුගෙන් යුත් පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවන නිසා ඇය කල්පනා කළේ විදේශ රැකියාවකට හෝ ගොස් යම් ආදායමක් සොයාගෙන විත් සිය දරු පවුල ගොඩදාගැනීමට හැකිවේ යැයි කියාය. මේ යෝජනාවට දරුවන් සහ සැමියා අකැමැත්තෙන් වුවත් ඇයට අනුමැතිය දුන්නේ වෙන කළ යුතු විසඳුමක් නොවන හෙයිනි.
අදාළ ලේඛන සකස් කරගෙන ගමනට අවශ්‍ය අනුමැතිය ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ආපසු නිවෙස බලා යෑමට හසලක නගරයට යන ගමනේදී අහඹු ලෙස ඇයට හමුවූයේ අසල ගමක පදිංචි හතළිස් හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි. මොහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අයකු වන අතර කාන්තාවන්ට දැඩි ඇල්මක් දක්වන අනවශ්‍ය විහිළු තහළු කරන අයෙකි. ඔහු හැඳින්වූයේ අනංගයා කියාය. ඉදිරියෙන් පැමිණෙන මොහු මග හැර යෑමට ඇය උත්සාහ කළත් එය කළ නොහැකි වූ නිසා ඔහු ඉදිරියේ මදක් නතර වී ආගිය තොරතුරු කතා කරන අතරේ ඇයගේ විදේශ ගමන පිළිබඳවද ඇය ඔහුට පැවසුවාය. එහිදී ඔහු ඇයට පැවසුවේ විදේශගත වීමට පෙර මතක හිටින තාලේ තෑග්ගක් තමන්ට දීලා යන ලෙසය. ඔහුගේ දැඩි පෙරැත්තය නිසාම  ඇයගේ ජංගම දුරකතන අංකයද ඔහුට ලබා දීමට ඇයට සිදුවිය.


දුරකතන අංකය ලබාගත් ඔහු දින දෙක තුනකට වරක් ඇයට කතාකර තොරතුරු විමසා දුරකතනය විසන්ධි කිරීමට පෙර පවසන්නේ “මගේ ඉල්ලීම මතකයිනේ” කියාය. ඇයද පවසන්නේ එය ඒ ආකාරයෙන් ඉටුවේවි කියාය. මෙදින ඔහුගෙන් ලද ඇමතුමේදී ඇය පැවසුවේ තමන් තව දින දෙකකින් විදේශ රැකියාවට යන බවත් හෙට අවශ්‍යතාවකට නගරයට පැමිණෙන බවත් හැකි නම් නගරයට පැමිණෙන ලෙසය. සඳහන් කළ පරිදි ඇය නගරයට පැමිණ වෙළෙඳසලකට ගොඩවී අවශ්‍ය කළමනා රැගෙන ඉන් පිටවෙනවාත් සමඟම ඇය ඉදිරියට පැමිණියේ පොරොන්දුව ඉල්ලූ අනංගයාය. ඇය “ආ අයියේ ඔයා ආවාද? ආ මෙන්න ඔයාට මම මතක් වෙන්න මතක හිටින තෑග්ගක් ගෙනාවා. මේක තියා ගන්න. මට පරක්කු වෙනවා. මම යනවා” යැයි කියමින් කඩිමුඩියේම ඇය පිටත්ව ගියාය.
ඔහු අපේක්ෂා නොකළ මෙම තෑග්ග පිළිබඳව ඇති වූ කුකුස නිසා පැමිණි යතුරුපැදියේ නැග පාළු ස්ථානයකට ගොස් කාන්තාව දුන් ලියුම් කවරය විවර කර බැලීමේදී ඔහුට ඇතිවූයේ ලැජ්ජාවත් සමඟ කෝපයකි. එහි තිබුණේ කාන්තාවකගේ හිස කෙස් රොදකි. වහා එය පසෙකට විසිකළ ඔහු විදුලි වේගයෙන් සිය නිවෙස බලා පියඹා ගියේය.
“අහවලා මට අනවශ්‍ය යෝජනාවක් ගෙනාවා. ආයේ නම් මෙවැනි අනවශ්‍ය යෝජනා කාන්තාවන්ට නොකරන්නට මම එයාට මතක හිටින තෑග්ගක් දුන්නා.” යැයි නිවස බලා ගිය ඇය සිය හිතවතියන්ට පැවසුවාය. පසු දින මේ පුවත ගමේ මුල් පුවත බවට පත්විය.



අදහස් (0)

කතකගෙන් අනංගයාට මතක හිටින තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site