IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කුණු බිත්තරයකින් තරුණියකට 5000ක්

 පාරේ ගමන් කරමින් තිබූ වෑන්රථයකින් පිටතට යමක් විසිකළ අයකුට රුපියල් පන්දහසක අලාභයක් ගෙවීමට සිදුවීමේ පුවතක් දිවුලපිටියට නුදුරු ගමකින් අසන්නට ලැබේ. මෙම වෑන්රථයේ ගමන් කරමින් සිටි අයකු දිවුලපිටියට නුදුරු පාළු පෙදෙසකදී වෑන් රථයෙන් පිටතට යමක් වීසි කරනවා පාරේ යන තරුණියක දැක ඇත. ඇය අසල්වාසීනට මේ බව දන්වා වෑන්රථයේ අංකය ද පොලිසියට දැන්විය. පොලිසිය පණිවුඩ යවා වෑන්රථය අල්ලා ගත්තේය. එහි රියැදුරා කීවේ තමා නෑගෙදරක ගොස් එද්දී එම ගෙදරින් දුන් බිත්තර පාර්සලයක තිබී බිඳුණු බිත්තරයක් පිටතට විසිකළ බවකි. තරුණිය කීවේ එය වැදීමෙන් තම ඇඳුම් අපිරිසුදුවී සේවයට යාමට නොහැකිවී පාඩුවක් වූ බවකි. එහිදී වෑන් රථ රියැදුරා තරුණියට නඩු මගට නොයන ලෙස දන්වා ඇයට රුපියල් පන්දහසක අලාභයක් ගෙවීමට කැමැති විය. තරුණිය ද එයට කැමැති වූවාය.

(දූනගහ - බටේපොල විජයසිරි)



අදහස් (0)

කුණු බිත්තරයකින් තරුණියකට 5000ක්

වික්‍රම Friday, 04 November 2016 01:42 PM

ජයා, දේශපාලන මාරුවක් ලැබුනු ගාමිනීට සපෝට් එකට මතකද අපි මේ වගේ ප්‍රහාරයක් රැකලා ඉදලා බොසාට දුන්නා (අ)

:       0       0

ඩේසි Thursday, 03 November 2016 09:20 AM

මේ ළමිස්සි ඒ 5000 න් මොකද කළේ?

:       0       0

වික්‍රම Sunday, 06 November 2016 03:20 AM

නැහැනේ බමුණු, මෙතන ජයා කියල තියෙන්නේ පරිසරය විනාශ කරන ආත්මාර්ථකාමි මිනිසෙක් ගැන. නමුත් අපි බිත්තර ගැහුවේ පුද්ගලික පළිගැනීමක් සඳහා පක්ෂ පාට ගාවලා මාරුවක් ලැබුනු අහිංසක මනුස්සයෙක් වෙනුවෙන්. (නි)

:       0       0

නිරූ Thursday, 03 November 2016 05:40 AM

මටත් කුණු බිත්තර ලොරියක්ම ගහන්න කෙනෙක් නැද්දෝ... (නි)

:       0       0

එස්.ජී. පලීල් Friday, 04 November 2016 06:07 AM

එයාගේ ඇගේ වැදුනේ නැත්තම් එයා පැමිණිලි කරන්න තරම් පෙලඹෙන්නේ ඇයි? (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 02 November 2016 07:37 PM

මේ කතාව කියවාගෙන යනවිට මට තේරුම් ගිය විදියට නම් බිත්තරය ඇයගේ ඇඟේ වැදිලා නැහැ. ඇය කියලා තියෙන්නේ බොරුවක් වගෙයි මට පෙනෙන්නේ. අසරණ වෑන් රියදුරාගෙන් වංචාවෙන් කඩාගත් රුපියල් පන්දාහෙන්, මේ ළමිස්සි මොනවද කළේ? (නි)

:       0       0

බමුණුආරච්චි Saturday, 05 November 2016 02:02 AM

නන්දලාල් ද සිල්වා ඔබට තේරුම් නොගියට පොලිස්සියට තේරුම් ගිහිල්ල තිබෙනවානේ. මොකද ඇඳුම නොදැක පොලිසිය වාහන රියදුරු පොලිසිය ගෙන්වා ගනීවිද? (අ)

:       0       0

බමුණුආරච්චි Saturday, 05 November 2016 02:06 AM

වික්‍රම, පිටබැද්දර ජයා කියන විදිහට එකත් තිරිසන් වැඩක්. එක කරපු මිනිස්සු තිරිසන් වැඩ කරන මිනිසුන්.(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 November 2016 11:48 AM

හොඳ වැඩේ මේ වගේ තිරිසන් වැඩ කරන මිනිසුන්ට (නි)

:       0       0

ජනහිත Thursday, 03 November 2016 06:43 AM

ඇඳුම් ටික ඉල්ලගෙන හෝදලා දීලා, දවසේ පඩිය දුන්නා නම් ඇතිනේ. මම නම් හිතන්නේ නැහැ පාරේ යන ළමයින්ට බිත්තර වලින් ගහන්න තරම් මානසික ආබාධ තියන අය වාහන පදවනවා කියලා. දැන් ඉතින් වැඩට යන්නේ නැතිව පාරේ ඇවිද ඇවිද ඉදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1502 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site